IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මිනිස් මොළයට හානිකරන මාරාන්තික ඇමීබා රෝගයක් ඇමරිකාවේ

මිනිස් මොළයට හානිකරන දුර්ලභ ඇමීබා රෝගයක් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඔවුන් පවසන්නේ නයිග්ලේරියා ෆවුලරි නම් මෙම ඇමීබා විශේෂය මිනිස් මොළය ආහාරයට ගන්නා බවයි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හිල්ස්බරෝ ජනපදයේ පුද්ගලයෙකුට මෙම රෝගය වැළඳී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

උණ, ඕක්කාරය සහ වමනය මෙන්ම බෙල්ලේ තද ගතිය සමග හිසරදය වැනි රෝග ලක්ෂණ ආසාදිතයන් පෙන්නුම් කරන අතර රෝගය වැළඳුන බොහෝ දෙනෙක් සතියක් ඇතුලත මිය යති.රෝග ලක්ෂණ ඇතිවූ පසු රෝගය වේගයෙන් උත්සන්න වන බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ෆ්ලොරීඩා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා ඇත.අන්වීක්ෂයෙන් පමණක් නිරීකෂණය කළ හැකි ඒක සෛලීය ජීවියෙකු වන මෙම ඇමීබාවා ඇතිකරන ආසාදනය මාරාන්තික වේ.

උණසුම් මිරිදිය ජලයේ බහුලව දක්නට ලැබෙන ඇමීබා නාසය හරහා මිනිස් සිරුරට ඇතුළු වෙයි.
කෙසේවුවද පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය බෝ නොවන බව තහවුරු වී ඇතැයි වෛද්‍යවරු පවසති.
මෙම ඇමීබා ආසාදන සාමාන්‍යයෙන් ඇමරිකාවේ දකුණු දිග ප්‍රාන්ත වල දක්නට ලැබෙන නමුත් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දුර්ලභ බව පැවසේ.

ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් 1962 වර්ෂයේ සිට මේ දක්වා වාර්තා වී ඇත්තේ රෝගීන් 37දෙනකු පමණි.රෝගය මාරාන්තික බැවින් හිල්ස්බොරෝ ජනපදයේ පදිංචිකරුවන්ට ටැප් සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ජලය ලබාගන්නා විට සැලකිලිමත් වන ලෙස අනතුරු අඟවා තිබේ.එම ජලය නාසය සමග ගැටීමෙන් වළක්වාගන්නා ලෙස ඔවුන්ට දැනුම් දී ඇත.

විල්, ගංගා, පොකුණු සහ ඇළ මාර්ග වැනි ජලය සහිත විවෘත ප්‍රදේශ වල වැඩි අවදානමක් පවතින බවද ඔවුහු සඳහන් කරති. ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් වැනි උණුසුම් මාසවල මෙම ආසාදන ඇතිවීමේ ඉඩකඩ වැඩි බවද සඳහන් වේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (2)

මිනිස් මොළයට හානිකරන මාරාන්තික ඇමීබා රෝගයක් ඇමරිකාවේ

දුමින්ද Monday, 06 July 2020 12:52 PM

චීනයෙන් කොරෝනා ඇමරිකාවෙන් ඇමීබා රෝගයක්...!!! ලෝක විනාශයක් අතළඟදැයි සිතෙනවා...

:       1       0

පූජා Monday, 06 July 2020 03:17 PM

2020 වසර තරම් ලොවට අපල ගෙනදුන් කාලයක් තවත් නැතුව ඇති. දකින, දකින සෑම පැත්තකින්ම අසන්නට, දකින්නට ලැබෙන්නේ දුක්මුසු පුවත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1238 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 169 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 75 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 256 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 151 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site