IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


තෙළඟු දේසාම් පක්ෂය ඉන්දියාවේ පාලක පක්ෂයෙන් ඉවත් වේ

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් ඉවත් වන බව තෙළඟු දේසාම් පක්ෂය අද සිකුරාදා (16) නිවේදනය කළේය. 
 

එම පක්ෂයේ නායක සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමැති චන්ද්‍රබාබු නයිදු ඒ බව නිවේදනය කළ අතර ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ද හෙතෙම කීය. ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේදී ආණ්ඩුවට එරෙහිව මෙම විශ්වාසභංගයක් ගෙන එන බවත් හෙතෙම කීවේය. 
 
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂය එන බව ඊයේ බ්‍රහස්පතින්දා (15) නිවේදනය කළේය. විශ්වාසභංග යෝජනාවක් පිළිගැනීමට පක්ෂයකට අත්සන් 50ක් තිබිය යුතුය. 
 
ලෝක සභාවේ සිටින වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂ සාමාජිකයන් ගණන 9ක් වන අතර තෙළඟු දේසාම් පක්ෂ සාමාජිකයන් ගණන 16කි. 
 
ආණ්ඩුව තෙලන්ගානා ජනතාවගේ අපේක්ෂා ඉටු නොකළා පමණක් නොව ප්‍රාන්තයේ කටයුතුවලට ද අපේක්ෂා කළ පමණින්  සහයෝගය නොදුන් බවත් සඳහන් කරමින් චන්ද්‍රබාබු නයිදු භාරතීය ජනතා පක්ෂ සභාපති අමිත් ෂාට ලිපියක් ද යවා ඇත. 
 
ප්‍රාන්තයේ කටයුතුවලට මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම මෙම ඉවත්ව යෑමට ප්‍රධානතම හේතුව වී තිබෙන අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට මෙම ඉවත්ව යෑම අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි ද දේශපාලනය විශ්ලේෂකයෝ පෙන්වාදෙති.  
 
ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට සිදු වූ අසාධාරණයට අගමැති මෝදි වගකිව යුතු යැයි ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් චන්ද්‍රබාබු නයිදු අගමැතිවරයාට සෘජුව චෝදනා කළේය. 
 
එන්.ඩී.ටීවි/ ද හින්දු 

055



අදහස් (0)

තෙළඟු දේසාම් පක්ෂය ඉන්දියාවේ පාලක පක්ෂයෙන් ඉවත් වේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු
2024 මැයි මස 14 3512 0

ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය.


දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට
2024 මැයි මස 14 1240 0

ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය.


මෝදි නාම යෝජනා භාර දෙයි
2024 මැයි මස 14 825 0

ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි.


උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනම්
2024 මැයි මස 13 2209 2

තම රට වැසියන්ට අමුතු අසාමා්‍ය විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට,


ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තුව අධිකරණය හමුවට
2024 මැයි මස 13 136 0

ගාසා තීරයට පහර දෙමින් යුද අපරාධ සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කර ඇති අතර, ඊශ්‍රායලයේ හිතවතකු වන ඊජි


අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට
2024 මැයි මස 13 890 1

පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 697 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2223 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1910 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site