IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චීනයේ දූෂිතයන් ලක්‍ෂ 13 කට නීතිය ක්‍රියාත්මකයි

බීජිංහිදීය (ඒ.එෆ්.පී)

චීන ජනාධිපති ෂී ජින්පින්ග් පරිපාලනය යටතේ 2013 වසරේ සිට මේ දක්වා කාලයේදී අල්ලස් හා දූෂණ චෝදනාවලට වැරුදිකරුවන් පහළ ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් ලක්ෂ 13 දෙනකුට එරෙහිව චීන පරිපාලනය නීතිය ක්‍රියාත්මක කර ඇතැයි එරට දූෂණ විරෝධී නිරීක්ෂණ සංවිධානයක් කරුණු අනාවරණය කර තිබේ. 
 
චීන ජනාධිපති ෂී ජින්පින්ග් පරිපාලනය යටතේ දූෂණ විරෝධී ඒකකයක් ද පිහිටුවා තිබෙන අතර දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම චීන ජනාධිපතිවරයාගේ පස් අවුරුදු ප්‍රතිපත්ති සැලැස්මේ ප්‍රමුඛතම කාර්යයක් ද වේ. ඒ අනුව පසුගිය කාලයේදී තනතුරුවල උස් පහත්කම් නොබලා අල්ලස්, වංචා හා දූෂණ චෝදනාවලට වැරැදිකරුවන් වූ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි වාර්තාව වේ.
 
චීන ජනාධිපතිවරයා එරට කොමියුනිස්ට් පක්ෂයේ, පක්ෂ නායකත්ව සමුළුවට ද සූදානම් වෙමින් සිටින අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි කොංග්‍රස් සමුළුව මේ මස අගදී පැවැත්වීමට නියමිතය. 
 
ලැබී තිබෙන තොරතුරු අනුව 2013 වසරේ සිට මේ දක්වා කාලයේදී ගම් මට්ටමින් අල්ලස්, වංචා හා දූෂණ ආදී චෝදනාවලට වරදකරුවන් වූ නිලධාරීන් 648,000ක දෙනක-ට දඬුවම් දී තිබෙන බව චීනයේ විනය පරීක්ෂාව සඳහා මධ්‍යම කොමිසම සඳහන් කර තිබේ. දඬුවම් ලැබූ බොහෝ දෙනා කුඩා පරිමාණයේ දූෂණ අපරාධවලට වරදකරුවන් වූ අය බව පැවසේ. 
 
දඬුවම් ලැබූවන්ගෙන් බොහෝ දෙනා පහළ ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරින් වුවද ඉහළ තනතුරුවල සිටින පිරිස් ද දඬුවම් ලබා ඇතැයි වාර්තා වේත. පසුගිය අගෝස්තු මාසයේදී චීන මුදල් අමාත්‍යාංශයේ දූෂණ විරෝධි කමිටුවේ ප්‍රධානියාට එරෙහිව ද විමර්ශනයක් ආරම්භ කෙරුණි. ඔහුට අල්ලස් හා දූෂණ චෝදනා එල්ල වී තිබේ. 
 
චීන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පවතින චීනයේ බලවත්ම ආයතනයක් වන මධ්‍යම හමුදා කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට දූෂණ චෝදනා සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරුණි.  
 
(055)


   



අදහස් (2)

චීනයේ දූෂිතයන් ලක්‍ෂ 13 කට නීතිය ක්‍රියාත්මකයි

Sugath Monday, 09 October 2017 08:40 AM

මේවා ලංකාවෙත් ක්‍රියාත්මක කරන්න. රටෙන් හොරකම් කරපු අයට දඬුවම් කරන්න. යහපාලනය යටතේත් මේවා වෙන්නේ නැහැ වගේ. එකයි මහින්ද සහ මිතුරු හමුව තවම නිදැල්ලේ ඉන්නේ....

:       169       154

shantha Wednesday, 11 October 2017 07:16 AM

සුගත් වැඩ කර කර හම්බකරන එකයි වැඩ නොකරම හම්බකරන එකයි දෙකක්

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 304 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 37 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 25 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 236 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 143 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 128 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site