IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


ඉරාන වරායට ඉන්දියාව තවත් උපකරණ

 ඉරානයේ චබහාර් වරායට ඉන්දියාව තවත් උපකරණ තොගයක් යවා ඇත.

ඉන්දියාව ඉකුත් ජනවාරි මාසයේ දී ඉරානයේ චබහාර් නගරයේ පිහිටි චබහාර් වරායට ජංගම දොඹකර දෙකක් යැවූ අතර ඒවායේ කොන්ත්‍රාත් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් විය.

චබාහාර් වරාය ඉරානයේ සිස්තාන්-බලුකිස්තාන් පළාතේ චබාහාර් නගරයේ පිහිටා ඇත.

වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දියාව, ඉරානය සහ ඇෆ්ගනිස්තානය එක්ව මෙම වරාය සංවර්ධනය කරයි.

‘‘අපි චබාහාර් වරාය සංවර්ධනය කිරීමට කැප වී සිටිනවා. වරායේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය දෙවැනි තොගයත් අපි යැව්වා. එය වරායේ ෂහීද් බෙහෙස්ති පර්යන්තයට ළඟා වෙනවා’’ යැයි ඉන්දියාවේ වරාය, නාවික සහ ජලමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්ක් මන්ද්වියා පැවැසීය.

ජූනි මාසය අගය වනවිට තවත් දොඹකර දෙකක් ඉරානයේ චබාහාර් වරායට යවන බව ද හෙතෙම කීය.

ඉරානය සහ ඉන්දියාව මෙම වරායට අදාළ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබුවේ 2016 වසරේ මැයි 23 වැනිදා ය. පළමු අදියර යටතේ උපකරණ, යාන්ත්‍රිකකරණය සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා එම ගිවිසුමට අත්සන් කළ අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 85ක් වේ.

ද ඉකොනොමික් ටයිම්ස් 



අදහස් (1)

ඉරාන වරායට ඉන්දියාව තවත් උපකරණ

chandima Friday, 26 March 2021 12:27 AM

ලංකාවේ වරායට හයි කරන්න කළින් වැඩකරනවද බලන්න.. එහෙ සවි කරලා කරලා බලනවා වෙන්න ඇති...

:       1       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු
2024 මැයි මස 14 3450 0

ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය.


දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට
2024 මැයි මස 14 1217 0

ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය.


මෝදි නාම යෝජනා භාර දෙයි
2024 මැයි මස 14 812 0

ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි.


උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනම්
2024 මැයි මස 13 2205 2

තම රට වැසියන්ට අමුතු අසාමා්‍ය විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට,


ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තුව අධිකරණය හමුවට
2024 මැයි මස 13 135 0

ගාසා තීරයට පහර දෙමින් යුද අපරාධ සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කර ඇති අතර, ඊශ්‍රායලයේ හිතවතකු වන ඊජි


අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට
2024 මැයි මස 13 890 1

පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 696 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2223 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1910 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site