IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ඉන්දු-චීන දේශසීමා අර්බුදය ගැන සාකච්ඡාවට ඉන්දියාවේ අගමැති ඇතුළු පක්ෂ නායකයෝ රැස්වෙති

චීන හමුදා සමඟ මේ සතිය මුලදී නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (19) විඩියෝ තාක්ෂණය ඔස්සේ සර්ව පාක්ෂික හමුවක් කැඳවීය.

ඉන්දු-චීන හමුදා ගැටුමෙන් ඉන්දීය සෙබළු 20දෙනකු මරුමුවට පත්වූ අතර සර්ව පාක්ෂික සමුළුව ආරම්භයේදී ඊට සහභාගී වූ පිරිස මියගිය සෙබළුන් වෙනුවෙන් සිය ගෞරවය පුදකළහ.

මෙම සර්ව පාක්ෂික හමුවේදී ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයෝ මෙම සංවේදී කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං, විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් යන නැගිට නිහඬතාව පළ කරන අයුරු දක්නට ලැබිණි.

කොංග්‍රස් පක්ෂයේ නායක සෝනියා ගාන්ධි, ජාතික කොංග්‍රස් පක්ෂය (එන්.සී.පී.) නායක ෂරාද් පවර්, තෙලන්ඟානා රාෂ්ත්‍ර සමිති පක්ෂයේ නායක කේ. චන්ද්‍රසේකර් රාඕ, ජනතා දාල් (එක්සත්) පක්ෂයේ නායක නිතිෂ් කුමාර්, ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් ඇතුළු නායකයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඉන්දු-චීන දේශසීමාවේ ඇති වූ අර්බුදය සම්බන්ධයෙන් මහජනතාවට සත්‍ය තොරතුරු හෙළිකරන්නැයි ද විනිවිදභාවයෙන් කටයුතු කරන්නැයි ද විපක්ෂයේ නායකයෝ ආණ්ඩුවෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියහ.

ඉන්දීය සෙබළුන්ගේ ජීවිත පරිත්‍යාගය අපතේ යෑමට ඉඩ නොතබන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහතික වී ඇත.
 
හින්දුස්තාන් ටයිම්ස්

055



අදහස් (0)

ඉන්දු-චීන දේශසීමා අර්බුදය ගැන සාකච්ඡාවට ඉන්දියාවේ අගමැති ඇතුළු පක්ෂ නායකයෝ රැස්වෙති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි
2024 මැයි මස 08 2685 3

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍


රුසියාවට ඉරානයට බලපෑම් කරන්න
2024 මැයි මස 08 185 0

ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාප


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
2024 මැයි මස 08 2850 2

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ


පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ
2024 මැයි මස 07 414 0

පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි
2024 මැයි මස 07 126 0

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ


මෝදි ඡන්දය දමයි
2024 මැයි මස 07 709 1

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site