‘මධ්‍යම තොරතුරු කොමිසම’ ඇතුළු තොරතුරු දැනගැනීමේ අයිතියට සම්බන්ධ ආයතනවල විශේෂඥයන් නොමැතිව පරිපාලන නිලධාරීන් මගින් එම ආයතන පාලනය කරන්නේ ඇයිදැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ බලධාරීන්ගෙන් විමසා ඇතැයි වාර්තා වේ.
වසර 2005 දී සම්මත කරගන්නා ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුව තොරතුරු කොමසාරිස්වරුන් ලෙස පත් කළ යුත්තේ ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව අත්දැකීම් හා විශේෂඥ දැනුම ඇති පිරිස් බවත් එහෙත් වර්තමානයේ තොරතුරු කොමසාරිස්වරුන් ලෙස සේවය කරන්නේ පරිපාලන නිලධාරීන් බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වාදෙනු ලැබ තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.කේ. සික්රිගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් එම කරුණු පෙන්වාදෙනු ලැබ තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අබ්දුල් නසීර් ද එම මඬුල්ලේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
“තොරතුරු කොමසාරිස්වරුන් ලෙස විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය වන පිරිස් පත් කළ හැකියි. එහෙත් පත් කර ඇත්තේ විශ්‍රාමික පරිපාලන නිලධාරීන්” යැයි රජය වෙනුවෙන් පෙනි සිටී අතිරේක සොලිසිටර් ජෙනරාල් පින්කි ආනන්ද් කරුණු පෙන්වාදෙමින් විනිසුරු සික්රි පැවැසීය.
පසුගිය කාලයේදී ‘මධ්‍යම තොරතුරු කොමිසමේ’ තොරතුරු කොමසාරිස්වරුන්ගේ තනතුර සඳහා අයඳුම්පත් 280ක් ලැබුණු බවත් එයින් 14 ක් තෝරාගත් බවත් පැවැසූ විනිසුරු සික්රි එයින් බොහෝ දෙනා පරිපාලන නිලධාරීන් යැයි ද කීය.
“අපි මේ පත් කිරීම්වලට බැණ වදින්නේ නැහැ. පරිපාලන නිලධාරීන් නොවන අයගේ නම් පවා තිබුණා. එහෙත් ඔවුන් කිසිවකුත් පත් කළේ නැහැ” යැයි විනිසුරු සික්රි පෙන්වා දුන්නේය. පෙත්සම්කාර අන්ජලී භාරද්වාජ් වෙනුවෙන් පෙනිසිටී නීතීඥ පරනව් සච්දේවා සමඟ එකඟවෙමින් විනිසුරි සික්රි ඒ බව කීවේය.
ද හින්දු ඇසුරිනි
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාවේ තොරතුරු කොමිසමට විශේෂඥයන් නෑ