IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් මියගිය ගණන 26 දක්වා ඉහළට

 

බටහිර ඉන්දියාවේ නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය ගණන 26ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුන්බුන් අතර 20කට ආසන්න පිරිසක් සිටින බවත් ඔවුන් සොයා තවදුරටත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් බලධාරීහු ඊයේ (22) රාත්‍රියේ ප්‍රකාශ කළහ.

මුම්බායි නුවරට ආසන්න බිවාන්ඩි හි පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබෙන අතර සුන්බුන් අතර සිර වී සිටි 20 දෙනකු මුදාගත් බව ද බලධාරීහු පැවැසූහ.

ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ ආපදා සේවකයන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටින අතර අනතුර සිදුවීමෙන් පැය තිහකට පසු පස්දෙනකු බේරාගැනීමට හැකි වූ බව එම බළකාය මුලින් පවසා තිබිණි.

කෙසේ නමුත් එම සංඛ්‍යා වැරදි යැයි එම බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඉතාපේ පන්ඩිත් ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

“ගණන් ප්‍රකාශ කිරීමේදී වැරැද්දක් වෙලා තියෙනවා. මරණ ගණන 26යි. එහි වෙනසක් නැහැ. අපි 20 දෙනකු බේරාගත්තා. තවමත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. විස්සකට ආසන්න පිරිසක් සුන්බුන් අතර හිරවෙලා ඉන්නවා කියලා අපි හිතනවා” යැයි හෙතෙම කීය.

මෙම ගොඩනැගිල්ල කඩාවැටීමට නිශ්චිත හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් ජූනි සිට සැප්තැම්බර් දක්වා මෝසම් වැසි සමයේ දී ඉන්දියාව තුළ ගොඩනැගිලි කඩා වැටීම සුලබ සිදුවීමකි. දින ගණනාවක් අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාවෙන් පසු ඉන්දියාවේ විවිධ ස්ථානවල තිබෙන පැරැණි හා දුර්වල ගොඩනැගිලි කඩා වැටීම ඊට ප්‍රධාන හේතුවකි.

 

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් මියගිය ගණන 26 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1603 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 262 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 92 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 264 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site