IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අත්අඩංගුවේ සිටින රොයිටර්ස් මාධ්‍යවේදීන් 2 ට ඇමෙරිකාවෙන් සම්මානයක්

මියන්මාර අත්අඩංගුවේ සිටින රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා වන වා ලෝන් සහ යෝව් සෝ ඕ ට ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෞරවාන්විත සම්මානයක් වන ‘ජෝර්ජ් පෝක්’ සම්මානය හිමි ව තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි ‘ලෝන්ග් අයිලන්ඞ්’ විශ්ව විද්‍යාලය වාර්ෂිකව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ අගයමින් ‘ජෝර්ක් පෝක්’ සම්මාන පිරිනමයි.

එම සම්මානවලින් වා ලෝන් සහ යෝව් සෝ ඕ ට හිමිවූයේ ‘විදෙස් වාර්තාකරණය’ සඳහා හිමි ‘ජෝර්ජ් පෝක්’ සම්මානයයි. 

මහජන ලැදියාව උදෙසා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයේ යෙදෙමින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උදෙසා කරන ලද සුවිශේෂී සේවයත් ක්ෂේත්‍රය තුළින් ලබාගන්නා ලද විශේෂ ජයග්‍රහණත් යන කරුණු සලකා බලමින් ඊට ගෞරව කිරීමක් ලෙස ‘ජෝර්ජ් පෝක්’ සම්මාන පිරිනමයි. 

මියන්මාර හමුදා රකීන් ප්‍රාන්තයේ රොහින්ජා වැසියන් සමූල ඝාතනය කරන බවට ලොවට හෙළි කරන ලද්දේ රොයිටර්ස් පුවත් සේවයේ වා ලෝන් සහ යෝව් සෝ ඕ ය. මියන්මාර රජයේ හමුදා බටහිර මියන්මාරයේදී රොහින්ජා තරුණයන් ඇතුළු පිරිමි පිරිසක් ඝාතනය කළ බව ලොවට අනාවරණය කරන ලද්දේ ඔවුන් දෙදෙනාය. ඔවුන් දෙදෙනාට සම්මානය හිමි වූයේ ‘මියන්මාරයේ සංහාරය (මැසකර් ඉන් මියන්මාර්)’ යනුවෙන් කරන ගවේෂණාත්මක වාර්තාකරණය සඳහාය.

වා ලෝන් සහ යෝව් සෝ ඕ අත්අඩංගුවට පත්වූයේ එම පුවත් වාර්තාව සකසමින් සිටියදීය.  ඔවුන් දෙදෙනා මේ වනවිට වසරකට වැඩි කාලයක සිට අත්අඩංගුවේ පසුවෙති. රාජ්‍ය රහස් සොරකම් කළ බවටත් ඒවා එළිදරවු කළ බවටත් මියන්මාර රජයෙන් වා ලෝන් සහ යෝව් සෝ ඕ ට චෝදනා එල්ල වූ අතර ඔවුන් දෙදෙනාට එරෙහිව පැවැති නඩුව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉතිහාසයේ පැවැති ඉතිහාස නඩු විභාගයක් බවට පත්විය. 

යටත්විජිත සමයේ රාජ්‍ය රහස් පනතක් යටතේ වා ලෝන් සහ යෝව් සෝ ඕ ට නඩු පවරන ලද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නඩු විභාගය පැවැත්විණි. 

නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් වූ අතර එය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව රොයිටර්ස් පුවත් සේවය මියන්මාරය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කළේය.

රොයිටර්ස් පුවත් සේවයේ මියන්මාර වාර්තාකරුවන් දෙදෙනා වා ලෝන් සහ යෝව් සෝ ඕ මේ වනවිට ‘ජෝර්ජ් පෝක්’ සම්මානයට අමතරව ලෝ ප්‍රකට හා ගෞරවාන්විත සම්මාන රැසකට හිමිකම් කියති. 

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (0)

අත්අඩංගුවේ සිටින රොයිටර්ස් මාධ්‍යවේදීන් 2 ට ඇමෙරිකාවෙන් සම්මානයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1711 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 297 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 100 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 269 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 156 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 136 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site