IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


2017 සිරියානු ප්‍රහාරයකින් 1600 ක් මියගිහින්

2017 වර්ෂයේදී සිරියාවේ රක්ඛා නගරයෙන් ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායම පලවා හැරීමට සිදුකරන ලද ගුවන් හා කාලතුවක්කු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 1600කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එහි ක්‍රියාකාරී සංවිධාන පවසයි.

මේ සම්බන්ධව වාර්තා කරමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය හා එයාර්වෝස් නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ එවන් ප්‍රහාරයන්ට ලක්වූ ස්ථාන 200ක් සෝදිසි කළ අතර මියගිය 1000ක් පමණ තොරතුරු  තහවුරු කළ බවයි.

මෙම ගුවන් ප්‍රහාර සියල්ල ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය යන රටවලුන් සැදුම්ලත් ඒකාබද්ධ සංවිධානය විසින් එල්ල කර ඇති බවද ඔවුහු සඳහන් කරති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඇමරිකානු ඒකාබද්ධ සංවිධානය මෙම සංඛ්‍යාත්මක තොරතුරු දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.

මෙම මරණ සම්බන්ධව වසර දෙකක් තිස්සේ සිදුකරන  ප්‍රතික්ෂේප කිරීම අවසන් කරන ලෙස ඇම්නෙස්ටි සංවිධානය ඇමරිකා ඒකාබද්ධ සංවිධානයෙන් ආයාචනා කර ඇත.

රක්ඛා ප්‍රදේශයේ මියගියේ සාමාන්‍ය වැසියන් 318ක් බවද එම මරණ ඕනෑකමින් සිදුකරන ලද ඒවා නොවන බවද ඇමරිකානු සංවිධානය ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු අණදෙන නිලධාරීන් පවසා ඇත්තේ සාමාන්‍ය වැසියන් මියයෑම වැළැක්වීම සඳහා ගත හැකි සියලුම පූර්වෝපායන් අනුගමනය කළ බවයි.

එමෙන්ම යුධ නීතිය අනුව සියලු කටයුතු සිදු කළ බවද ඔවුහු පවසති.

(බීබිසී පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

2017 සිරියානු ප්‍රහාරයකින් 1600 ක් මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site