මුහුදු පතුලේ විද්‍යාත්මක ගවේශනයක් සඳහා ගිය රුසියානු සබ්මැරීනයක හටගත් ගින්නක් හේතුවෙන් 14දෙනකු මියගොස් ඇත.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ දුම ආඝ්‍රණය වීම හේතුවෙන් මොවුන් මියගොස් ඇති බවයි.
සඳුදා(01) සිදුවූ මෙම අනතුරින් පසු යාත්‍රාව මර්මන්ස්ක් කළාපයේ සර්වරෝමෝස්ක් නාවුක කඳවුර වෙත ගෙනවිත් තිබේ.
කෙසේවුවද අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ කීදෙනකු සිටියේද යන්න සම්බන්ධව රුසියානු ආරක්ෂක අංශ සඳහන් කර නොමැත.
මුහුද යට මෙවැනි අනතුරු ඉතා කලාතුරකින් සිදුවන බව මාධ්‍ය වාර්තා කරයි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd