නීතිවිරෝධීව රැගෙන යෑමට තැත්කළ කැස්බෑ පැටවුන් 5000කට අධික ප්‍රමාණයක් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී සොයාගෙන ඇත.
ඩොලර් 12700ක් පමණ වටිනා මෙම සතුන් තොගය ගමන් මල්ලක සඟවා තිබියදී හමුවූ බව රේගු නිලධාරීහු පවසති.
සිද්ධියට අදාළව ඉන්දියානු ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා චීනයේ ගුවැංශූ නගරයේ සිට පැමිණ ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
හොර රහසේ වනසතුන් ප්‍රවාහනය කිරීම සඳහා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස බොහෝ ජාවාරම්කරුවන් විසින් මැලේසියාව යොදාගනී.
පරිසරවේදීන් පවසන්නේ රතු කන් ඇති මෙම කැස්බෑ වර්ගය සුරතලයට ඇතිකිරීම සඳහා රැගෙන යන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැලේසියාවේදී කැස්බෑ පැටවුන් 5000 ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට