මැතිවරණයට ඇඟිලි ගසන්න එපා යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අද (28) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට පැවැසීය.
ජී-20 සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා, චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ඇතුළු ජී -20 කණ්ඩායමේ රටවල රාජ්‍ය නායකයෝ ජපානයේ ඔසාකා නුවරට පැමිණ සිටිති.
ජී-20 සමුළුවේ ආරම්භක දිනයට අතරවාරයේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර කෙටි හමුවක් පැවැත්විණි.
එම අවස්ථාවේදී මැතිවරණයට ඇඟිලි ගසන්න එපා යැයි රුසියානු ජනාධිපතිවරයාට පවසන්නේ දැයි මාධ්‍යවේදියෙක් ඇමෙරිකානු ජනාධිපතිවරයාට පැවැසීය. ඊට සිනාසුණු ඇමෙරිකා ජනාධිපතිවරයා, රුසියානු ජනාධිපති පුටින් දෙසට සෙල්ලක්කාර ලෙස ඇඟිල්ලක් දිගුකර “ඡන්දෙට ඇඟිලි ගහන්න එපා ජනාධිපතිතුමා, ඇඟිලි ගහන්න” එපා යැයි විහිළුවෙන් පැවැසීය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට මහතාට ඊට කිසිවක් නොකී අතර සිනහාවකින් ප්‍රතිචාර දුන්නේය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජනාධිපති ධුරයට පත්වීමට රුසියාව උපකාර කළේ යැයි චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වලදී රුසියාව 2016 වසරේ පැවැති ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවත් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියට රුසියාව සහාය දුන් බවත් අනාවරණය වී තිබේ.
ෆින්ලන්තයේ හෙල්සින්කි හිදී පසුගිය වසරේ පැවැති මතභේදාත්මක හමුවෙන් පසුව නායකයන් දෙදෙනා හමු වූ පළමු අවස්ථාව මෙය විය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2561
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැතිවරණයට ඇඟිලි නොගසන්නැයි ට්‍රම්ප් කියයි
Rasika Friday, 28 June 2019 09:54 PM
ඇමෙරිකාව ලෝකේ තියෙන බොහොමයක් රටවල පාලකයින්ව වෙනස් කරන්නත් මැතිවරණ වල ප්‍රතිඵල වෙනස් කරන්නත් ඉතාම සක්‍රීය ලෙස සහභාගි වෙනවා. ලංකාවේ, මියන්මාරය ඇතුළු තවත් රටවල් කිහිපයක මැතිවරණ ප්‍රතිඵල වෙනස් කරන්නට බලපෑම් කිරීම සඳහා ඩොලර් මිලියන ගණන් වියදම් කළා කියලා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවම කියලා තිබුණා ඔවුන්ගේ විගණන වාර්තාවේ... ඒ 2015. බොහොමයක් ප්‍රබල රටවල් කරන්නේ මේවා තමයි. එ්ක තමන්ට වුණාම තමයි තේරෙන්නේ..