මැලේසියාවේ 5 වැනි මුහම්මද් රජුගේ අනපේක්ෂිත ඉල්ලා අස්වීමත් සමඟ රජ පවුලේ සාමාජිකයන් අතරින් නව රජෙකු තෝරා ගැනීමට සාකච්ඡා කිරිම සඳහා මැලේසියානු රාජකීය පවුල රැස්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිදු හේතුවක් දක්වා නොමැති බව සඳහන් වේ.
සිය පස් අවුරුදු ධූර කාලය සම්පුර්ණ වීමට පෙර ඉවත් වූ ප්‍රථම රජු මොහු වේ. වසර දෙකක කාල සීමාවක් මුහම්මද් රජු එම ධූරයේ රැඳී සිට තිබේ.
ධූරයෙන් ඉල්ලා අස්වුවද ජනතා සේවය වෙනුවෙන් කැප වී වැඩ කරන බව ඔහු පැවසීය.
(28535)
(අල්ජසීරා ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නායකයෝ , එකට සිරි ලංකාවේ දුම්මල ගහල වත් එලවන්න බැහැ,