Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 පෙබරවාරි මස 27 වන සෙනසුරාදා
කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් ප්‍රංශයේ දකුණු දිග නයිස් නගරය සති අන්තයේ අගුලු දමා ඇති අතර සංචාරකයින්ට නගරයෙන් ඉවත් වන ලෙස නගරාධිපතිවරයා ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ප්‍රංශයේ වැඩිම කොරෝනා වයිරස රෝගීන් අනුපාතය වාර්තා වන්නේ නයිස් නගරයෙනි.
නගරයේ පදිංචිකරුවන් 100,000 ක් පමණ වෙසෙන අතර සතියකට රෝගීන් 740 ක් පමණ වාර්තා වන බව පැවසේ.
ප්‍රංශය පුරා සවස 6.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නමුත් නයිස් නගරාධිපති ක්‍රිස්ටියන් එස්ට්‍රෝසි පවසන්නේ රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මීට වඩා දැඩි අගුලු දැමීමක් හෝ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමක් අවශ්‍ය බවයි.
පසුගිය නත්තල් සමයේ විශාල වශයෙන් සංචාරකයින් නගරයට පැමිණීම හේතුවෙන් ආසාදන අනුපාතය ඉහල ගිය බව එස්ට්‍රෝසි පැවසීය.
"මෙම සටන ජයගත් පසු එළඹෙන ගිම්හානයේදී සංචාරකයන් විශාල වශයෙන් බලාපොරොත්තු වෙමු. නමුත් දැන් එන්න එපා. මෙය නයිස් නගරයේ සංචාරයට සුදුසු කාලයක් නොවේ," යැයි නගරාධිපතිවරයා පැවසීය.
නගරයේ වයිරස මර්ධන ක්‍රියාමාර්ග දැඩි කිරීම සම්බන්දයෙන් රජය මේ සති අන්තයේ තීරණයක් ගනු ඇතැයි සෞඛය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.
කෙසෙුවුවද රටපුරා බලපැවැත්වෙන ඇඳිරි නීතිය ලිහිල් කිරීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි)
085
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.