තුර්කියේ වයඹ දිග ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැන අනතුරට ලක්වීම හේතුවෙන් 24දෙනකු මියගොස් 124දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.අධික වර්ෂාව සහ නායයෑමක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව බලධාරීහු පවසති.

දුම්රිය ඉස්තාම්බුල් නගරය වෙත ගමන් කරමින් තිබී ඇති අතර ඒ වනවිට එහි මගීන් 362ක් සිටි බව පැවසේ.දුම්රියේ මැදිරි හයක් ඉවතට පෙරළී ඇත.

මෙය තුර්කියේ 2004 වර්ෂයේ 41දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට පසු සිදුවූ මාරාන්තිකම අනතුර බව මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් ඇසුරිණි - 085)