ඉරාක අග්‍රාමාත්‍ය අදෙල් අබ්දුල් මහදි මහතාගේ ඉල්ලා අස්වීම එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.
රට පුරා ඇතිවූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉල්ලා අස්වීමට හේතු විය.
පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ වූ මෙම උද්ඝෝෂණ අතරතුරදී ආරක්ෂක අංශ සමඟ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයෝ 400 කට අධික පිරිසක් මියගියහ.
තවත් 16000 කට අධික පිරිසක් එහිදී තුවාල ලැබූහ.
රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණ පැවැත්විණි.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.