ඉරාකයේ කර්බාලා නගරයේ ශියා ආගමික සැමරුම් උත්සවයකදී සිදුවූ කලබලයක් හේතුවෙන් 31 දෙනකු මියගොස් තිබේ.
සිදුවූ අනතුරු වලින් 100 දෙනකුට පමණ තුවාල සිදුවී ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයකු පවසා ඇත.
දස දහස් ගණන් පිරිස් ශාන්තිකර්මයකට සහභාගී වෙමින් සිටියදී එක් වන්දනාකරුවකු ඇදවැටීමෙන් හේතුවෙන් කලබලය ආරම්භ වී තිබේ.
ශියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධවූ අශුරා සැමරුම් දින උත්සවයේදී මෙම අනතුර සිදුවී ඇත.
වාර්ෂිකව ශියා මුස්ලිම් වන්දනාකරුවන් මිලියන ගණනක් අශුරා දිනය සැමරීම සඳහා කර්බාලා නගරයට පැමිණෙති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.