ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගුන්ග් ගිනි කන්ද සක්‍රීයවීමෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කර ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාව දෙසට යන සහ ඕස්ට්‍රේලියාව දෙසින් එන ගුවන් ගමන් මෙලෙස අවලංගු කර ඇත.
කන්ද වටා කිලෝමීටර් තුනක් පමණ දුරට ලාවා සහ පාෂාණ කැබලි විසිරෙන බවද අවට ගම්මාන වලට අළු වැටී ඇති බවද බලධාරීහු පවසති.
කෙසේ වුවද ජීවිත හානි වාර්තා වී නැතැයි ද ඔවුහු සඳහන් කරති.
බාලි දූපත නිවාඩු ගතකිරීම සඳහා යන සංචාරකයින්ගේ ජනප්‍රිය ස්ථානයකි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd