ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 19 දෙනකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මියගිය අයගෙන් වැඩි දෙනා සීක් ජාතිකයින් බව ද ඔවුන් ඇෆ්නිස්ථානයේ ජනාධිපති අශ්රෆ් ඝානි මුණ ගැසීම සඳහා ගමන් කරමින් සිටි අය බවද පැවසේ.
ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන එකම සික් ජාතික අපේක්ෂකයා ද අනතුරින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාරගෙන ඇත.
පිපිරීම සිදුවීමට පැය කිහිපයකට පෙර ජලාලාබාද්හි රෝහලක් විවෘත කිරීම සඳහා ජනපති ඝානි පැමිණ සිටියද පිපිරීම සිදුවන අවස්ථාවේ ඔහු එම ප්‍රදේශනේ බැහැරව සිටි බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නුවර පිපිරීමකින් 19 ක් මරුට