ඇමරිකාවේ බටහිර මධ්‍යම ප්‍රාන්ත කිහිපයක ඇතිවූ ටොනේඩෝ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
මිසෝරි, ඔක්ලහෝමා හා කන්සාස් ප්‍රාන්තවලින් මෙම සිද්ධීන් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 ඇතුළත මෙම කළාපයෙන් ටොනේඩෝ 29ක් ද පසුගිය සතිය ඇතුළත 170 ක් ද වාර්තා වූ බව කාලගුණ අංශ සඳහන් කරයි.
මේ හේතුවෙන් ඇමෙරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළාපයට ප්‍රබල අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.
බොහෝ ස්ථානවල ගොඩනැගිලි කඩා වැටී ඇති අතර ජෙෆර්සන් සිටිහි සුන්බුන්වලට යටවී සිටින පිරිසක් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.
ඉදිරි දින දෙක ඇතුළත ද ටොනේඩෝ හා ක්ෂණික ජල ගැලීම් ඇතිවිය හැකි බවට කාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd