ආදි මානවයින් කිරි පරිභෝජනය කළ බවට පැරණිතම සෘජු සාක්ෂිය විද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.
 
බ්‍රිතාන්‍යයෙන් හමුවූ ආදී මානව හිස්කබලක දත් අතර තිබී සොයාගත් කිරි ප්‍රෝටීනයක් මගින් මෙම උපකල්පනය සිදුකර ඇත.
 
එයින් පැහැදිලි වන්නේ මෙයින් වසර 6000 කට පමණ පෙරදී ද මානවයා කිරි පරිභෝජනය කළ බව යැයි විද්‍යාඥයෝ පවසති.
 
මොවුන් අමු කිරි වලින් චීස්, යෝගට් හා මත්පැන් නිපදවා ඇති බවට ද සාක්ෂි ලැබී ඇත.
 
නව ශිලා යුගයට අයත් මෙම හිස්කබලේ දත්වලින් සූරාගත් කොටස් වර්ණාවලීක්ෂයකින් විශ්ලේෂණය කිරීමෙන් මෙම ප්‍රෝටීනය වෙන්කර ගෙන ඇති අතර එය බීටා ලැක්ටොග්ලොබියුලීන් ලෙස නම්කර  ඇත. 
 
(බීබීසී ඇසුරිණි - 085)