IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොව දෙවැනි විශාලම මත්ස්‍යයා අල්ලා ගනී

ලොව විශාලත්වයෙන් දෙවැනි මත්ස්‍යා අල්ලා ගැනීමට ඕස්ට්‍රේලියානු ධීවරයන් පිරිසක් සමත් වී ඇත. මෙම මත්ස්‍යයා කොප්පරා මාලු වර්ගයට අයත් මත්ස්‍යයෙකි.  


ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ හමුවූ විශාලතම කොප්පරා මාලුවා වන අතර මෙම මත්ස්‍යාගේ බර කිලෝග්රෑම් 439 ක් වේ.


ජෝර්ජ් ලිරන්සීස් ඇතුළු තිදෙනෙකුගෙන් යුතු දක්ෂ ධීවරයන් කණ්ඩායමක් විසින් ඕස්ට්‍රේලියාවේ  මල්ලකූටා ප්‍රදේශයට ආසන්න නිව් සවුත්වෙල්ස් සහ වික්ටෝරියා මායිමට එපිට මුහුදේ දී මෙම මත්ස්‍යයා අල්ලා ගනු ලැබ ඇත.


පැය දෙකකට ආසන්න කාලයක සටනකින් පසුව මෙම මත්ස්‍යයා බෝට්ටුවට නංවා ගැනීමට ඔවුහු සමත් වුහ. 


ජෝර්ජ් ලිරන්සීස් පැවසුවේ ලොව විශාලත්වයෙන් දෙවැනි කොප්පරා මාලුවා අල්ලා ගත් බව ඔවුන් නොසිතූ බවයි.

ලොව විශාලතම කොප්පරා මාලුවා මීට පෙර හමුවී ඇත්තේ 1953 දී චිලී දේශයේ මුහුදු සීමාවෙනි. එම මත්ස්‍යයාගේ බර කිලෝ 536.1 කි.    

"අපි මාලුවාට සමීප වුණාට පස්සේ ඌ උඩ පනින්න ගත්තා. අපිට දැණුනේ අපේ බෝට්ටුව වටේ කවුරුහරි මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා වගේ"  ඒබීසී  පුවත් සේවයට වෙත අදහස් දක්වමින් ජෝර්ජ් ලිරන්සීස් පැවසුවේය.

- 209



අදහස් (2)

ලොව දෙවැනි විශාලම මත්ස්‍යයා අල්ලා ගනී

sam Saturday, 02 June 2018 01:49 AM

මේ මාළුවා බිලි පිත්තකින් ඇල්ලු ලෝකයේම දෙවැනි විශාලතම (swordfish ) ස්වෝඩ් ෆිෂ් ලෙස වාර්තා පොත් වලට ඇතුලත් නොවියහැකි බව කියැවුනා. මාළුවා මුහුදෙන් ඇල්ලු බව ඇත්ත වුනාට, බර කිලෝ 439 වූ බව ඇත්ත වුනාට වාර්තා පොත් වලට ඇතුලත් කිරීමේ ක්‍රමවේදයේ තියන අනිකුත් අවශ්‍යතාවයන් සපුරා නැති බවත් , මේ මාළුවා ඇල්ලු, විනෝදයට මසුන් අල්ලන (game fishing) පිරිසට වාර්තා හඹා යාමේ අවශ්‍යතාවයක් නැති බවත් මෙය හුදු විනෝදය සඳහාම පමණක් බවත් කියැවුනා .

:       0       31

Bamunuarachchi Sunday, 03 June 2018 12:03 AM

මුදලින් ලාබයක් ලබන්නට ඇති ඒත් මුහුදට විශාල මාළුවෙකු නැතිඋනා.

:       165       63

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1243 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 170 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 75 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 256 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 151 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site