IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනීයි

 
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  මහතා නිවේදනය කර ඇත.  මෙය මැදපෙරදිගට සාමය උදා කිරීමේ ක්‍රියාවලියේ මීට බොහෝ කලකට පෙර ගතයුතුව තිබූ පියවක් බව ඇමරිකානු ජනපතිවරයා තවදුරටත් පවසයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දෝලනය වෙමින් පැවති මෙම පෞරාණික නගරයේ අවසාන ඉරණම දුෂකර එකක් වූ අතර රටවල් දෙක අතර ඇති ගැටුමේ මූලික කරුණු අතරින් එකකි.  
 
මතභේදයට තුඩුදුන් මෙම තීන්දුව සම්බන්දව විචාරකයන් පවසන්නේ මෙය දශක ගනනාවත් පුරා පවත්වාගෙන ආ ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්ති කණපිට පෙරළීමක් බවයි.
 
ට්‍රම්ප්ගේ මෙම තීරණය ඓතිහාසික එකක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කලත් ට්‍රම්ප්ට විරුද්ධ අන්තර්ජාතික ප්‍රජාව සහ මාධ්‍ය මේ සම්බන්ධව දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි ස්වාධීන මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙය නින්දිත තීරණයක් බවත් ඇමෙරිකාව තවදුරටත් සාමය ආරක්ෂා කරන්නෙකු නොව සාමය බිදින්නකු බවත් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පවසයි.
 
මේ අතර ඇමෙරිකාවේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් 15දෙනාගෙන් අට දෙනකුම පවසා ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (10)

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනීයි

jonny Thursday, 07 December 2017 12:58 PM

ප්‍රමාදවෙලා හරි මෙවැනි තීරණයක් ගත්තු එකනම් හොඳයි. ඓතිහාසික තීරණයක්... !!!

:       264       1557

nisar Thursday, 07 December 2017 01:35 PM

පෞරාණික නගරයේ අවසාන ඉරණම දුෂ්කර එකක් තමයි. ඒ අද නෙමෙයි. තව කල් තියෙනවා. එදාට ඉතින් යුදෙව්වන්ට හැංගෙන්න ගස් ගල් පවා ඉඩ දෙන්නේ නැහැ. එකම එක ගහක් හැරෙන්නට...

:       1235       384

nimalThursday, 07 December 2017 07:48 PM

ලෝක ඉතිහාසය අනුව මෙය නිවැරදි තීරණයකි. ක්‍රි.ව 622 න් මෙපිට ලෝකය දකින මෝඩ රැලට මෙයට එකඟ විය නොහැකිය.

:       69       256

FaraFriday, 08 December 2017 03:01 PM

ඔව්, නිසාර්, ඔයා හරි... ඔය කියන ඒ ගහේ නම ලයිසියම්. ඒ නිසා ඒවගේ ගස් දැන් ඊස්‍රායල් වල ගොඩක් වවනවා. දරුණු යුද්ධයකින් පසු අවසානයට වෙන්නේ මොකක්ද කියලා යුද්ධ කරන දෙපාර්ශවයම දන්නවා යුද්ධය පටන් ගන්න කළින්ම.... යුද්ධයට සම්බන්ධ නැති කොහේදෝ යන අය අදහස් දානකොට තමයි හිනා යන්නේ...

:       1       125

de silva Thursday, 07 December 2017 03:15 PM

ඊස්‍රායලයේ අගනුවර මොකක් වුණත් අපට ප්‍රශ්නයක් නැත. කරුණාකර අපි අපේ වැඩක් බලාගමු. මේවට අපි හොට දමන්නේ නැතුව ඉඳිමු. මේ ප්‍රශ්නෙදි අපි එක පැත්තක් ගත්තොත් අනිත් පාර්ශවය අනිවාර්යයෙන්ම අපිත් එක්ක තරහ වෙනවා. එ්ක නිසා අපි නිහඬව ඉඳිමු.

:       187       352

tonyFriday, 08 December 2017 01:57 PM

කවුරු තරහා වුණත් අපි නම් ගන්නේ ඊස්‍රායලයේ පැත්තට. ඊස්‍රායලයේ ජනතාව බුද්ධිමත් කොටසක්... මෝඩ අරාබි කාරයින්ට වඩා....

:       39       363

ajith Friday, 08 December 2017 12:15 PM

දශක ගණනාවකට පෙර ගත යුතුවූ තීරණයක්... ඊස්‍රායලයට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ මේ අරාබි කාරයෝ ටික තමයි.

:       6       241

sam Friday, 08 December 2017 01:16 PM

ඊශ්‍රායලය අපට බොහෝ උදව් කර තිබෙනවා... කැරලි දෙකක් මැඩ පවත්වන්න. ඉස්සරහ එනවා වගේ පෙනෙන ලොකු ප්‍රශ්නයටත් ඒ ගොල්ලෝ ඕනේ වෙයි.

:       1       152

senewi Saturday, 09 December 2017 10:31 AM

ට්‍රම්ප් යනු උද්ධච්ච උන්මන්තක පාලකයෙකි...

:       386       0

sumeda Tuesday, 12 December 2017 04:48 PM

ගත්ත තීරණය බුද්ධිමත්

:       0       24

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 232 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 30 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 21 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 234 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 142 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 125 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site