lankadeepa.lk

ටිපර් රථ අනතුරින් අයෙක් මරුට

2017 සැප්තැම්බර් මස 21 ප.ව. 02:55

1     1946

මාලබේ අටේ කණුව ප්‍රදේශයේදී අද(21) ටිපර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


lankadeepa.lk

මහින්ද - මෛත්‍රී එකතු වෙනවා-මුතුහෙට්ටිගම

2017 සැප්තැම්බර් මස 21 පෙ.ව. 11:17

19     3445

මහින්ද - මෛත්‍රී එකතු වී එක ලැයිස්තුවකින් මැතිවරණයට එන බවට තමන් විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට්ගම මහතා පවසයි.


lankadeepa.lk

උද්ඝෝෂණයක් නිසා පාර්ලිමේන්තු පාර අවහිර වෙයි

2017 සැප්තැම්බර් මස 20 ප.ව. 02:15

20     1986

මවුබිම සුරැකීමේ රණවිරුවෝ සංවිධානය හා ජාතික සංවිධාන රැසක් එකතුව අතුරුදහන් වූවන් සම්බන්ධ පනත වහා හකුළාගන්නා ලෙස රජයට බල කරමින් අද(20) පාර්ලිමේන්තු වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.


lankadeepa.lk

නැවත යුද්ධයක් ඇති නොවීමට ජනපති සියලු දෙනාගේ සහාය ඉල්ලයි

2017 සැප්තැම්බර් මස 20 පෙ.ව. 11:17

11     1880

ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට සියලු ජාතීන් තුළ සමගිය ඇති කරන්නට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා සියලු රජයන්වලින් අද(20) ඉල්ලීමක් කළේය.


lankadeepa.lk

තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි

2017 සැප්තැම්බර් මස 17 ප.ව. 01:02

19     8372

අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩී ආර් කේ හෙරත් මහතා පවසයි.


lankadeepa.lk

වැලිකඩ ඝාතකයින් අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

2017 සැප්තැම්බර් මස 12 ප.ව. 06:07

16     3854

2012 වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කළ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බන්ධනාගාර රැඳවියන් ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද (12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.


lankadeepa.lk

පළාත් පාලන ඡන්දය ලබන වසරේ

2017 සැප්තැම්බර් මස 12 ප.ව. 05:41

3     2091

පළාත් පාලන ඡන්දය මේ අවුරුද්දේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


lankadeepa.lk

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ

2017 සැප්තැම්බර් මස 08 ප.ව. 12:52

1     3879

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට පසුගිය දිනවල කඩින් කඩ ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.


lankadeepa.lk

පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණෙන මන්ත්‍රීන්

2017 සැප්තැම්බර් මස 07 ප.ව. 10:20

2     1837

පාර්ලිමේන්තුවේ අඩුවෙන්ම පැමිණෙන මන්ත්‍රීන් කවුද සහ කප් එක ගත්තේ කවුද යන්නත් මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා නිතර පාර්ලිමේන්තු නොයාමේ රහස ගැනත් නියොජ්‍ය ඇමැතිවරයා අද මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.


lankadeepa.lk

එස්ටීඑෆ් ගිලන් රථය දකුණු අධිවේගයේදී අනතුරක

2017 සැප්තැම්බර් මස 05 ප.ව. 04:39

1     4594

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෝද්දල කාසිදෙනිය ප්‍රදේශයේදී අද(5) විශේෂකාර්ය බලකායට අයත් ගිලන් රථයක් පෙරළීයාමෙන් විශේෂ කාර්ය බලකා භටයින් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.


lankadeepa.lk

මහින්දටත් මෛත්‍රීපාල අසළින්ම පුටුවක් තියෙනවා - මුතුහෙට්ටිගම

2017 සැප්තැම්බර් මස 02 ප.ව. 01:05

21     3196

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සම්මේලනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලින්ම ආසනයක් සූදානම් කර ඇතැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.


lankadeepa.lk

තලතා - ගාමිණී වැඩ බාරගනිති

2017 අගෝස්තු මස 31 පෙ.ව. 11:12

10     3214

නව අධිකරණ ඇමැතීනි තලතා අතුකෝරල මහත්මිය අද (31) පෙරවරුවේ යෙදුණූ සුභ මොහොතින් මහා සංඝ රත්නයේ ආශීර්වාද ඇතිව කොළඹ අළුත් කඩේ අධිකරණ අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තාය.


lankadeepa.lk

කෙරවලපිටියේ පොහොර වෙළෙඳපොළට

2017 අගෝස්තු මස 29 ප.ව. 07:22

14     3871

කෙරවලපිටිය කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය “මිහිජය” නමින් වෙළෙඳපොළට හදුන්වාදීමේ උත්සවය අද (29) මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාව පරිශ්‍රයේදී පැවැත්විණි.


lankadeepa.lk

‘දකුණු පළාත් සභාව සම්ප්‍රදායට පටහැනිව කටයුතු කළා‘

2017 අගෝස්තු මස 29 ප.ව. 06:58

2     2648

දකුණු පළාත් සභාව අද කටයුතු කළේ සම්ප්‍රදායට පටහැනිව බලහත්කාරකමින් බවත් දකුණේ ආණ්ඩුකාරවරයා බලහත්කාරකම්වලට යටවෙන ආණ්ඩුකාරවරයකු නොවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.


lankadeepa.lk

රාජගිරිය ගුවන් පාලමේ තාක්ෂණය ඉතා ඉහළයි

2017 අගෝස්තු මස 29 ප.ව. 05:27

11     7151

රාජගිරිය ගුවන් පාලම ඉතා ඉහළ නවීණ තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව නිසියාකාරව ඉදිකෙරෙන බවත් එය අවුරුදු 100 කට වඩා කාලයක් ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන බවට තමන්ට වගකීමක් දිය හැකි බවත්ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි‍ මහතා පවසයි.


lankadeepa.lk

නව බදු පනතට එරෙහිව ජනතාව දැනුම්වත් කෙරේ

2017 අගෝස්තු මස 29 ප.ව. 12:26

8     1500

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව බදු පනත මගින් මහජනතාව පීඩාවට ලක් වෙන බැවින් වහාම එය හකුලා ගන්නා ලෙස බල කරමින් හා එම පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද(29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීය.


lankadeepa.lk

ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි

2017 අගෝස්තු මස 28 ප.ව. 02:00

0     2876

ලබුගම කළටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් අද (28) ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප‍්‍රවාහන මණ්ඩලය පවසයි.


lankadeepa.lk

අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි

2017 අගෝස්තු මස 23 ප.ව. 06:15

11     3401

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය.


lankadeepa.lk

පොලිතින් නිෂ්පාදකයෝ විරෝධතා පාගමනක

2017 අගෝස්තු මස 21 ප.ව. 03:28

26     3575

පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ.




lankadeepa.lk

විමල් බෙහෙත් පෙත්ත ගැන කියයි

2017 අගෝස්තු මස 18 ප.ව. 02:27

33     3700

ඉන්දීය, බංග්ලාදේශ බාල ඖෂධවලට වෙළඳපොළ විවෘත කරමින් ඖෂධ මිල අඩුකිරීමේ ප්‍රෝඩාවක් සිදුකළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගාල්ලේ පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළේය.


lankadeepa.lk

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

2017 අගෝස්තු මස 17 ප.ව. 04:03

8     7622

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (17) පැවැත්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනාවක් එහිදි සම්මත විය.


lankadeepa.lk

නඩු පැටලුණු නාවක්කුලි විහාරස්ථානය

2017 අගෝස්තු මස 15 ප.ව. 02:51

2     3595

විහාරස්ථානක චෛත්‍යයක් ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රාදේශීය සභාවෙන් නඩු පැවරීමක් ගැනත්, ඊට මහේස්ත්‍රාත්වරියගෙන් සැනසිලි සහගත තීන්දුවක් ලැබුණු බවත් පසුගිය ජනමාධ්‍ය වාර්තා කළේය. මේ පන්සල සොයාගෙන අපි යාපනයේ චාවකච්චේරිය ප්‍රදේශයට ගියෙමු.


lankadeepa.lk

චන්දිමාල් තරගය ගැන කියයි

2017 අගෝස්තු මස 11 ප.ව. 08:25

3     1670

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය පිළිබඳ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අදහස් දැක්වීම.


lankadeepa.lk

ආබාධිත රණවිරුවෝ ඕල්කට් මාවත වසති

2017 අගෝස්තු මස 11 පෙ.ව. 11:30

17     3616

තම විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවෝ පිරිසක් අද(11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ.


lankadeepa.lk

ගාල්ල බටුවන්තුඩාව හන්දිය ගිලාබසියි

2017 අගෝස්තු මස 05 ප.ව. 06:50

8     7336

ගාල්ල හපුගල බටුවන්තුඩාව හන්දියේ කොටසක් අද උදෑසන හදිසියේම ගිලා බැසීමෙන් විශාල වළක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයක ඉරි තැලීම් ද දක්නට ලැබිණි.


lankadeepa.lk

රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී

2017 අගෝස්තු මස 02 පෙ.ව. 10:34

44     16346

හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.


lankadeepa.lk

ක්‍රිශාන්ත පුෂ්පකුමාර රැස්වීමේදී ගී ගයයි

2017 ජුලි මස 29 ප.ව. 02:43

4     2600

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්රන්) මහතා අද (29) පැවති රැස්වීමක් අමතමින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කවියක් ඉදිරිපත් කළේය.


lankadeepa.lk

මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි

2017 ජුලි මස 28 ප.ව. 03:30

29     4419

හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.