තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව අද (10) දිනයේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 293 කි.

=======================================================================================

තවත් කොරෝනා ආසාදිත රෝගීන් 87 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 339 ක් වන අතර මෙම සියලුම ආසාදිතයින් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2437 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන  ගණන 446 ක් වන අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 1980 කී.