IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


චක්‍රලේඛ උල්ලංඝණය කරමින් ඇමැති රිෂාඩ්ට වැඩිපුර වාහන 7ක්

තරිදු ජයවර්ධන

ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ අනුව ඇමැතිවරයකුගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ යුතු උපරිම වාහන ගණන තුනක් වුවද කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් වැඩිපුර වාහන හතක් ලබා දී ඇතැයි අනාවරණය වේ.  

මේ බව අනාවරණය වනුයේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයෙන්  ලබා ගත් තොරතුරු වලිනි. කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ජූලි 11 වැනි තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් එම අමාත්‍යංශයේ වාහන පරිහරණය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි අතර එහි අතිරේක ලේකම් (පාලන) ටී ඩී පී එස් පෙරේරා මහතාගේ අත්සනින් එම තොරතුරු මුදා හැර තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබූ අංක සීඒ/1/17/1 සහ 2010.05.14 දින දරණ රාජ්‍ය විදයම් කළමනාකරණ චක්‍රලේඛයේ අංක තුන ඡේදයේ ප්‍රතිපාදන අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ හැකි උපරිම නිල වාහන සංඛ්‍යාව තුනකි. අංක සීඑස්ඒ/1/5 හා 2016.04.19 දිනැති චක්‍රලේඛය අනුව එම වාහන සංඛ්‍යාව එලෙසින්ම රාජ්‍ය අමාත්‍යවරුන්ට ද වලංගු බව දන්වා තිබේ.

එසේ තිබියදී කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයෙන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාට ලබා දී ඇති වාහන ගණන 10ක් බව තොරතුරු දැන ගැනීමේ පනතින් ලබා ගත් තොරතුරුවලින් අනාවරණය වේ. කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාට ලබා දී ඇති රියදුරන් ගණන අට දෙනෙකි.

කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ සංචිතයේ වාහන 23ක් ඇති අතර තවත් වාහන 16ක් අමාත්‍යංශයේ නිලධාරීන්ට වෙන් කර තිබේ. නිලධාරීන් භාවිත කරන වාහනවලින් දෙකක් මෙහෙයුම් කල්බදු ක්‍රමයට පරිහරණය කරනු ලබන වාහන වේ.

එම අමාත්‍යංශයේ සංචිතයේ ඇති වාහනවලින් 9ක් සඳහා රියදුරන් නොමැති අතර නිල වාහන හමි නිලධාරීන්ට වෙන් කළ වාහන 16න් දෙකක් යොදාගෙන ඇත්තේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් රියදුරන් වේ. අමාත්‍යවරයාට අනියුක්ත කළ වාහන දෙකක් සඳහා යෙදවා ඇති රියදුරන් සහ ප්‍රාදේශීය රියදුරන් අට දෙනකු ද සමඟ අමාත්‍යංශ රියදුරන් සංඛ්‍යාව 28ක් වේ.

අමාත්‍යවරයාට ලබා දී ඇති වාහන අතර සී.ඒ.වී, සී.ඒ.ඊ, පීඑෆ්, පී.එච්, කේ.වයි සහ කේ.ජී යන ඉංග්‍රීසි අකුරුවලින් පටන් ගන්නා වහන ද වේ.

රාජ්‍ය විදයම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකුගේ නිල වාහනයක් සඳහා ඉන්ධන දීමනාව පහත වගුවේ දැක්වේ.

  බස්නාහිර පළාතෙන් පිටත බස්නාහිර පළාත තුළ
පෙට්‍රල් වාහන එකක් සඳහා ලීටර් 750 ලීටර් 600
ඩීසල් වාහන එකක් සඳහා ලීටර් 600 ලීටර් 500

2015, 2016 සහ 2017 වසරවලදී කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ වාහන සඳහා තෙල් වියදම සහ නඩත්තු වියදම පහත වගුවේ දැක්වේ.

වර්ෂය තෙල් වියදම නඩත්තු වියදම
2015 25,184,335 36,555,039
2016 17,143,901 33,861,171
2017 16,723,187 37,841,376

මේ සම්බන්ධයෙන් විමසීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා  සම්බන්ධ කර ගැනීට උත්සාහ කළද එය අසාර්ථක විය. අමාත්‍යංශ ලේකම් කේ ඩී එන් ආර් අසෝක මහතාගෙන් මේ ගැනවිමසීමේ දී ඔහු කීවේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පාලන අතිරේක ලේකම් බැවින් ඔහුට කතා කරන ලෙසයි.  කෙසේ වෙතත් මෙම තොරතුරු මුදා හැර ඇත්තේ අතිරේක ලේකම් පරිපාලන ටී ඩී පී එස් පෙරේරා මහතාගේ අත්සනිනි.



අදහස් (21)

චක්‍රලේඛ උල්ලංඝණය කරමින් ඇමැති රිෂාඩ්ට වැඩිපුර වාහන 7ක්

Raveendra Wednesday, 15 August 2018 05:57 PM

ඇයි මොකක්ද මෙහි ඇති වැරැද්ද? කර්මාන්ත ඇමති කියන්නේ ලෙහෙසි පහසු ඇමතියෙක් නොවෙයිනේ. මොකද මුළු රටේම තියන සියලුම කර්මාන්ත ගැන හොයලා බලන්න ඕනෙනේ. ඉතින් වාහන 7 නොවේ 14 ක් දුන්නත් මදි කරන වැඩ කන්දරාව බැලුවම. මේ ඇමති නිසා අපේ කර්මාන්ත කොච්චර දියුණු වෙලාද අපේ රට හැම අතින්ම ස්වයන්පෝෂිත වෙනවා.

:       562       703

ගයාන් Thursday, 16 August 2018 12:39 AM

වැඩියෙන්ම දියුණු වෙන්නෙ දැව හා ඉදිකිරීම් කර්මාන්තනෙ

:       0       59

SimiyonThursday, 16 August 2018 01:08 AM

සමහරුන්ට නීතියෙන් එකකට වැඩි වාහන ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. හැබැයි නඩත්තුව හරියට කරන්න ඕන.

:       0       2

charithThursday, 16 August 2018 03:02 AM

පට්ටම පට්ට ඇත්ත... වාහන දීල බෑ අපි දෙන්න කියමු හෙලිකොප්ටර් 7ක්. කොයි තරම් මහන්සි වෙන මනුස්සයෙක්ද මේ.

:       0       259

rasika Wednesday, 15 August 2018 07:10 PM

එක අවුරුද්දක නඩත්තු වියදම සහ තෙල් වල වියදම 25,184,335 36,555,039 =61739374 වෙනවා. ලක්ෂ 617 ක් තෙල් ගහන්න සහ නඩත්තු කරන්න වාහන 10ක් කොහොමද මෙයාලගේ වියදම. අරහෙන් කැලේ කපනවා. මෙහෙන් මහජන සල්ලි කොල්ල කනවා. දැන් තියෙන්නේ වාහන අවභාවිතය කියල නඩු දාන්න. මොනවද කර්මාන්ත දියුණු කරන්න කලේ කියල. තව මෙයාගේ මුළු වියදම හොයල බලන්න ඕනේ.

:       0       4

කරුණාපාල Wednesday, 15 August 2018 08:25 PM

ඉතාමත්ම හොඳයි. නායකයින්ට ගැලපෙනම පුද්ගලයෙක් තමයි මේ. එකනේ මේ වගේ අය මේ රටේ සහජීවනයෙන් යුතුව, ඉතාමත්ම වැදගත් ලෙස ජීවත් වෙන්නේ?

:       0       11

සඳුන් Thursday, 16 August 2018 02:16 AM

මෙන්න තවත් යහපාලන ඡන්ද ප්‍රතිපලයක්. පොඩි මිනිහාගේ පුංචි වාහනයටත් බදු ගහන ගජයින්ට චක්‍රලේඛත් උල්ලංගනය කරලා දෙන සැප.

:       0       8

sarath Thursday, 16 August 2018 02:41 AM

කැලෑ කපන්න, පුරාවස්තු විනාශ කරන්න, වැඩිපුර වාහන තියාගන්න, සතොස ලේබලේ යටතේ සතුටින් කුඩු ගෙනෙන්න ..තව කොච්චර වරප්‍රසාද තියෙනවද මෙතුමාට..

:       1       328

dasun Thursday, 16 August 2018 03:58 AM

විල්පත්තුවට ලයිසන් දීලනේ මෙයාව යහපාලන ආණ්ඩුවට ගත්තේ. ඉතින් වැඩිපුර වාහනවලටත් ඒ වෙලේම ලයිසන් දෙන්න ඇති,

:       0       108

Madusanka Thursday, 16 August 2018 03:58 AM

ඔය ගත්ත වාහන ගන්න ඇත්තෙ විල්පත්තුව කපන්න යන්න.

:       0       344

Gihan Thursday, 16 August 2018 04:07 AM

තව වාහන 10ක් 15ක් දෙමු.

:       0       0

Kawin Thursday, 16 August 2018 04:09 AM

මේ වගේ අයට ඇමතිකම් දෙන අයට ඡන්දෙ දුන්නට අපිට ගහන්න ඕනේ

:       0       6

kalani Thursday, 16 August 2018 04:19 AM

ලෝකේ දුෂිතම රටවල් අතර හතරවෙනියා. ජීවත්වෙන්න සුදුසුම රටවල් අතර 130 වෙනියා. සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ හතක විතර ණයකාරයෙක්. මෙවැනි තත්වයක් ඇතිකිරීමට දවසේ පැය විසිහතරම වෙහෙසෙන කෙනෙකුට තව සුඛෝපභෝගී වාහන 14ක් විතර දෙන්න අවශ්‍යයි.

:       0       8

wije Thursday, 16 August 2018 04:42 AM

මොකොවත් කියන්න එපා ..සන්හිදියාවට හොද නැහැ....

:       0       66

SUMITH Thursday, 16 August 2018 05:03 AM

ඒ විතරක් ද උසාවියට ගල් ගහන්න තියෙන වරප්‍රසාදය..... දෙන්න ඕන රජ කාලේ දඩුවම්

:       0       70

Raveendra Thursday, 16 August 2018 05:10 AM

එකනේ කියන්නේ අපි මේවා නිකං නොවේ කිව්වේ වාහනා 7 නොවේ 49 උනත් කමක් නැහැ. මොකද විල්පත්තු කැලේ නිතරම් යන්නත් තියෙනවා එතකොට පුවක් , කාරුංක වගේ දේවල් ගෙනත් ගානක් අතේ තියාගෙන නැවත මෙහෙන් පැටවීම වගේ එකී මෙකි නොකී සුළු පටු රාජකාරියක් ද මේ අයට තියෙන්නේ. ඒ නිසා නිකං විහිළු කරන්න එපා රථ ගායට උපරිමයෙන් ගේමු

:       0       83

sarath perth Thursday, 16 August 2018 05:58 AM

මෙතුමාට විල්පත්තු වන සංහාරය ඉක්මන් කිරීමට චොපර් ලබාදී චොපර් බෑම සඳහා අංගනයක්ද වහාම ඉදිකරදිය යුතුවේ.

:       0       50

kira Thursday, 16 August 2018 08:01 AM

ගස් කපන්න යන්න නෙමයි..කපපු කොටන් ටික අදින්න

:       0       28

ranesh Thursday, 16 August 2018 09:14 AM

මේවට නඩු දාන්න...

:       0       24

nuwan Thursday, 16 August 2018 09:34 AM

ඡන්දෙ කාලෙට මේ මිනිස්සුන්ගේ ඡන්දෙ හිඟා කෑවම ඔය වගේ වරප්‍රසාද දෙන්න වෙනවා. හැම නායකයාම කලේ ඕක තමා.....

:       0       36

Haja Sahabdeen Friday, 17 August 2018 12:42 AM

ඒ විතරක් නෙවෙයි.. පුත්තලමේ අයට ලැබෙන්න තියෙන රැකියාවලටත් විදිනවා. අහන්න කෙනෙක් නෑ. පුත්තලමට එනකොට ආවේ සිලිසිලි බැග් එකක් අරන්... දැන් තියෙන දේපළ හත්මුතු පරම්පරාවටත් එහා....නීතිය කෝ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මහ පුවරුව

මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 6581 9

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4569 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


විදුලි බිල ඉහළ දාන්නේ නෑ
2025 මැයි මස 08 1173 6

විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.


කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 4076 7

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3457 10

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
2025 මැයි මස 07 3663 6

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 137 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1314 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 337 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site