(තරිඳු ජයවර්ධන/ ඡායාරූප ඉසංක සුනිමල්)
කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන මේ කාලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම කාලය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කීහ. සිංහල ජාතිකයන් වූ මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම මහින්ද රාජපක්ෂටද පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලැබුණු බවත්, දෙමළ අපේක්ෂකයන් නොවන බව කියමින් ඔවුන් ඡන්දය දීම ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම ජනතාවගේ අපේක්ෂාව පෙනෙන්නේයැයි ද අමිල හිමියෝ පැවසූහ.
දඹර අමිල හිමියන් ඒ බව පැවසුවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා වන ජාතික ව්‍යාපාරය කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වූ මහජන හමුවක් අමතමිනි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද, ඇමැතිවරුන් වන සරත් ෆොන්සේකා, මංගල සමරවීර සහ මහින්ද අමරවීර මහත්වරුද එම අවස්ථාවට සහභාගී වූහ.
‘දැන් ආගමික සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ජාතින් අතර සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ඇඳුම් පැළැඳුම් විවිධත්වය හොඳ බව නිතර කියනවා. ඒ වගේම තමයි ජාතීන් අතර විවිධත්වයත් ඉතා හොඳයි“
‘‘දෙමළ ජනතාව දැන් වෙනම රටක් ඉල්ලන්නෙත් නෑ. මුස්ලිම් ජනතාව ඉල්ලන්නෙත් නෑ. විදෙස් රටවල් අපට දැන් වෙට්ටු දාන්නෙත් නෑ. මේ කාලය තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න හොඳම කාලේ“ යැයි ද දඹර අමිල හිමියෝ කීහ.
නීතීඥ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා -
‘අලුත් ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේ අනාගතයක් නැති දේශපාලනඥයන්. හිටපු ජනාධිපතිටත් දේශපාලන අනාගතයක් නෑ. ඒ නිසා තමයි ඔහුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා අපොදු අපේක්ෂකයා වීමට පෙර අපි සමඟ කටයුතු කළේ නෑ. අපි සමග කිසිම විරෝධතාවයකට ආවේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට එන්න කොන්දක් තිබුණු නිසා අපි ඔහුට ගරු කරනවා. අපි ජනාධිපතිවරයාට කියන්නේ පොරොන්දු ඉෂ්ඨ කරන්න කියලයි. දෙමළ ජනතාවටත් පිළිගත හැකි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා.‘
කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය -
‘1994 වසරේ මහ මැතිවරණය අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව. (එහි වගන්ති කිහිපයක් කියවයි) ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්න බැහැ අලුත් ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ කියලා. එදා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් චන්ද්‍රිකා මහත්මිය ඉදිරිපත් කළ අවස්ථාවේ එජාපය ඊට විරුද්ධ වුණා. උත්ප්‍රාසය වන්නේ එදා විරුද්ධ වුණු රනිල් වික්‍රමසිංහ මහත්මයා අද අලුත් ව්‍යවස්ථාවක් ගෙනඑන්න පෙරමුණ ගැනීමයි. එය දෛවයේ සරදමක් ලෙස අපි කියන්නේ නෑ. එදා ශ්‍රීලනිපයට නොලැබුණු සහයෝගය අද ලැබී තිබෙනවා. මේ අවස්ථාව මග හැරියොත් අපට අනාගතයක් නෑ. ‘
බෝහෝ අවස්ථාවල ජාතික ව්‍යාපාර නම භාවිත කරන්නේ ජාති බේද ඇති කරන වැඩ වලට බව නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා අදහස් දක්වමින් කීවේය. 1978 විධායක ජනාධිපතික්‍රමය ඇති කිරීමෙන් පසු මහජන ඡන්දයකින් ගෙදර යැවූ එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බව ද ගුණවර්ධන මහතා පැවසීය.
නීතීඥ ජේ සී වැලිඅමුණ, ගාමිණී වියන්ගොඩ, ලූෂන් බුලත්සිංහල, උදේනි දිසානායක සහ සමන් රත්නප්‍රිය මහත්වරු ද අදහස් දැක්වූහ.





COMMENTS
කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන? අන්න උතුරු පලාත් සබාව ස්වයං පාලනේ ඉල්ලා නීථියක් සම්මත කරලා, කට බොරු කීවත් දිව බොරු කියන්නේ නෑ.
අනේ හමුදුරුවනි දැන් අපිට අඩු ඔය දේ විතරද ?
සිරාවටම වෙනම රටක් ඉල්ලනේ නැද්ද ?? මොනවද එතකොට උතුරු පළාත් සබාවේ ඔය සම්මත කරගත්තු යෝජනා ???
බලන්න කිසිම කෙනෙක් සෙල් පොන් වල එල්ලිලා ඉන්නේ නැතිව සාවධානයෙන් මෙම කතාව අසාගෙන ඉන්න හැටි.
නැතුව නැතුව
දඹර මහත්තය ඉන්න ලංකාවේ නෙවෙයි වෙන රටකද? ඇයි එක ජාතියක් උතුරු නැගෙනහිර එකතු කරලා ස්වයන් පාලනය ඉල්ලනවා ඇහුනේ නැතිද, දැක්කේ නැතිද? නැතිනම් ඇහිලත්, දැකලත් ඒගැන හොඳහැටි දැනගෙනත් - ඔය අලුත් ව්‍යවස්ථාවෙන් ගිවිසුම් ප්‍රකාරව ඒවා සියල්ල දෙනබව හොන්දහැටියට දන දැනත් ඩොලර් මලුවලට පෙරේත වෙලා සිංහල මිනිස්සු ගොනාට අන්දන්න කෙබර අදිනවද?
"ගොනා හැරෙන කොට දන්නවා තැඹිලි පැලේටෙයි"කියල.තියෙන ප්‍රශ්න විසදන්නේ නැතිව , ඉල්ලන්නේ නැති දෙයක් පසු පස යාම විශාල ඛේදවාචකයට මුල පිරීමක් වෙන්න බැරි නැහැ.
මේගොල්ලන්ට සල්ලි දෙනවා නම් රට ජාතිය නොවෙයි වෙන දෙයක් උනත් පාවල දෙන්න සුදානම්.
අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේලාගේ ප්‍රජාතන්තරවාදය හොදට පෙනුනා අර වයසක මනුස්සයා "අදහස් දැක්වීමේ වරදට" බිම දිගේ ඇදගෙන ගිහිල්ලා දොට්ට දාපු හැටි... රටට ප්‍රජාතන්තරවාදය දෙන්න කලින් ඔබ වහන්සේලාගේ ශාලාවේ "අදහස් දැක්වීමේ මුලික අයිතිය" තිබ්බ නම් හොදයි කියලා යෝජනා කරනවා.
ද්‍රවිඩ ජනයාට වෙනම රටක් ඉල්ලන්න අවශ්‍ය නැහැ අලුත් විවස්තාවට ඇතුළු කරන්න යෝජනා වෙලා තියන කරුණු දිහා බැලුවහම.විවස්තව හැදුනොත් බන්දේසියක තියල ඒක ඉබේම හම්බ වෙන බව ඔවුන් දන්නවා.
ඔව් එන්ජීඕ වලින් සල්ලි උතුරන වෙලාවෙ වැඩේ නොකරොත් තව ගරන්න බැරි වෙනවනේ. සාක්කු පිරෙන වෙලාව තමා හොඳම වෙලාව.
සරත් විජේසූරිය කියන්නේ කවුද කියල අටුවා ටීකා ඕනේ නෑ නේද මහත්වරුනි, මේ නඩේම රට බල්ලට ගියත් සල්ලි වලට කහින උදවිය.
තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චා ගැනීම නොහොත් කල දුටු කල වල ඉහ ගැනීම
සරත් විජේසේකර, ඔබ පැහැදිලිව ඒ කාලේ කිව්වා ව්‍යවස්ථා වෙනසකට කිසිසේත්ම යන්නේ නෑ ජනමත විචාරණයක් නැතුව කියල. අපිට ඒව අමතක වෙන්න මැරිල ඉපදුනේ නෑ නේ. ජනතාව මෛත්‍රිපාලට ඡන්ද දුන්නේ ජනාධිපති බලතල අහෝසි කරන්න නෙමේ. මහින්දගේ කාලේ පුතාලගේ විකාර, විල්පත්තු ශ්‍රීපාදස්ථාන ඉඩම් මගෝඩි, ගස් බැඳීම්, රූපවාහිනියට කඩා වැදීම්, කැසිනෝ වලට විරුද්ධව. ඒත් දැන් රටේ හමුදා දඩයම, බුද්ධි අංශ දඩයම, ආර්ථිකය කඩා වැටීම, නැව් පැහැර ගැනීම දැක්කම මහින්ද හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ කියල හිතෙනව.
මුණු ටික බලපුවහම හිතාගන්න පුළුවන් කාගේද වුවමනාව කියලා. හාල් 100 පොල් 80 ලුණු 80 ඩෙංගු පෑවිල්ල. ඔය බහුබුතය පැත්තට දාල මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න පළමුව විසදන්න. ලුසේනා
කුරිරු යුද්දයෙන් බේරාගත් රට වියවස්තාවක් මගින් බෙදන්නට දගලන අපූරුව..මෙතන ඉන්න උදවිය දැක්කම රට නොබෙදී ඉතුරු වුනොත් තමය් පුදුමේ..
සමහරක් මෙතන අදහස් දාල තියෙන්නේ හිටපු රජා වගේමයි.
මේ හඬ සමග NGO ඩොලර් වල ගඳ දැනෙනවා.
මහින්ද රාජපක්ෂ යුද්ධය කරන්න ඉන්දියාවේ සහයෝගය ගත්තේ 13 ට එහා ගිය බලය බෙදීමක් කරනවා කියලා. චෝගම් එක ලංකාවේ තියන්න ඉන්දියාවේ උදව්ව ගත්තේ උතුරේ පළාත් සභා ඡන්දය තියන්න පොරොන්දුවෙලා. අගමැති කියලා තියෙනවා ජන මත විචාරණයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ නැහැ කියලා. එහෙම නොවුනත් ජනමත විමසුමකින් තොරව බලතල බෙදාහරින්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දෙන්නේ නැහැ. අර 18 ටට ජනමත විචාරණ ඕන නැහැ මැදපූලන ශ්‍රේෂ්ඨාධිකරණය නෙමෙයි දැන් තියෙන්නෙ. හැබැයි රට බෙදෙන කථාව හොරුන්ට ආයිමත් බලය ගන්න විකුණනන්න නම් මරු. ඒක හොඳට වෙනවා. විරුද්ධ අයට සම්මේලන තියන්න අවසර තියනවා වගේම පක්ෂ අයටත් සම්මේලන තියන නිදහසක් තියෙනවා. ජනමත විචාරණයක් වෙලාවෙදි ජනතාව තීරණය කරයි ඕනද එපාද කියලා.
තැලෙන යකඩේ උඩ පැන පැන තලන හොඳ කාලේ...