IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


​කොරෝනා නසන්න දේශීය බෙහෙතක්

 

 

‘‘මහා සුදර්ශන චූර්ණය සහ සුවධරණි සඳහා භාවිත කෙරෙන ඖෂධ ආයුර්වේදයේ මෙන්ම අපේ දේශීය වෙදකමේදී වසර දහස් ගණනක සිට මෙවැනි රෝග අවස්ථා සඳහා යොදාගෙන තිබෙනවා. එය විද්‍යාත්මක වශයෙන් පවා සනාථ කර තිබෙන බව සඳහන් කළ හැකියි.   


මෙම ඖෂධ භාවිතය නිසා වෛරස් මෙන්ම බැක්ටීරියා නාශක ගුණ ඇති බව කිව හැකියි. ස්වභාවිකව අ​පේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකාරකය හෙවත් රෝගවලට ඔරොත්තු දීමට ඇති හැකියාව වර්ධනය කරවීමට මෙම ඖෂධවලට පුළුවනි.   


යම් යම් වට්ටෝරුවලට අනුව කාලයෙන් කාලයට වසර දහස් ගණනාවකට පෙර සිට භාවිතා කළ මෙම ඖෂධ වෙතින් සාර්ථක පළ නෙලා ගත් බව සනාථ වී තිබෙනවා. මෑත කාලීනව ගතහොත් මැලේරියා උණ වසංගත​යේදී මෙන්ම උණ රෝගවලදී ඉන්දියාව සහ ලංකාව වැනි රටවල් ඉතා බහුල ලෙස මෙම ඖෂධ භාවිතා කර ඇති බව සඳහන් කළ හැකියි.   


හැබැයි මෙවැනි දේ ගැන හිතුමතේ ප්‍රකාශ නොකර විද්වත් කණ්ඩායම්වල මතයක් මෙන්ම සාධනීය වූ සාධක එක්ක ජනතාවට ලබාදීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙහෙස වී කටයුතු සම්පාදනය කර තිබෙනවා.   


කොරෝනා පාලනය කිරීම වෙනුවෙන් හඳුන්වාදුන් දේශීය ඖෂධ වන මහා සුදර්ශන චූර්ණය සහ සුවධරණි සොයා ගැනීම ගැන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගේ උපදේශක ලෙස කටයුතු කරන වෛද්‍ය සුජීව ප්‍රසන්න විතානගේ (ප්‍රානජීව) පවසන්නේ එලෙසිනි.   


එනයින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම උදෙසා ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට හඳුන්වාදුන් මෙම ඖෂධ මොන වගේද? මෙතුලින් රටේ කොරෝනා රෝගීන් ඇතිවීම පාලනය වේවිද? ඒ සම්බන්ධයෙන් තවත් විස්තර වෛද්‍ය සුජීව ප්‍රසන්න විතානගේ මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ මෙලෙසිනි. 

 
මෙරට දී කොවිඩ් වසංගතය පාලනය කිරීමට ආයුර්වේදය හෝ දේශීය වෛද්‍ය අංශය වෙතින් තවම හරිහැටි යමක් සිදුවුණේ නැහැ නේද?   


දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති ලෙස සිසිර ජයකොඩි මැතිතුමා පත්වූ පසුව ඉතා උනන්දුවෙන් මේ සම්බන්ධව කටයුතු කිරීමට පටන් ගත්තා. 

 
මෙම කටයුත්තට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීමට පටන් ගන්නේ පෙබරවාරි මාසයේ සිටයි. මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ මෙම වෛරසය පාලනය කිරීමට අපි කොහොමද ආයුර්වේදයෙන් සහ දේශීය වෙදකමෙන් පිළියම් සොයන්නේ කියන කාරණය මුල් කරගෙන දිගින් දිගටම ක්‍රියාත්මක වුණා.   
ආයුර්වේදය සහ දේශීය වෙදකම කියන්නේ වසර දහස් ගණනක සිට පැවත එන දෙයක්. විශේෂයෙන්ම නිරෝධායන ක්‍රමය අපට අලුත් දෙයක් නොවෙයි. එය අපට අපේ හෙළ වෙදකමට බද්ධ වී තිබෙන දෙයක්. එදා පැපොල - සරම්ප වගේ රෝග ඇතිවුණාම කොයි කාටත් පෙර ගමේ වෙද මහත්තයා හමුවන්න ජනතාව ගියා. රෝගියා සමග ගනුදෙනු කළ යුතු විදිය සහ ක්‍රියාත්මක විය යුතු විදිය ගැන මූලිකව උපදෙස් ලබාදුන්නා. දේශීය වෙද මහත්තයා ඔය කියන සියලු කාරණා අධ්‍යයනය කර ක්ෂණිකව සහ මධ්‍ය කාලීනව මෙන්ම දීර්ඝකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග ගැන හිතලා ඉහළ වැඩ පිළිවෙළක් මේ වනවිට අප ක්‍රියාත්මක කරගෙන යනවා. වෙසෙසින්ම මෙහිදී මූලිකව අප කළ යුතු වන්නේ රෝගය ඇතිවීම පැතිරීම වැළැක්වීම සඳහා වූ ක්‍රියාමාර්ග ගැනීමයි. ඒ අනුව ප්‍රතිශක්තිකරණ වර්ධක ඔෟෂධ වර්ග හඳුන්වාදීම සිදුකර තිබෙනවා.   


මොනවද ඒ ඖෂධ වර්ග? එයින් ලැබෙන ප්‍රතිඵල මොනවගේද?   


සෑම පුරවැසියකු හට එක්වර ලබාගත හැකි පරිදි ප්‍රතිශක්තිකරණ වර්ධක පානයක් ලෙස සුවධරණි ඖෂධය හදුන්වා දුන්නා. එය සිදු කළේ ආයුර්වේද දෙපාර්තමේන්තුව පුද්ගලික අංශ (මෙම අංශයට සම්බන්ධ) සහ ඖෂධ නිෂ්පාදන සමාගම් ඇතුළු සියලු අංශ මනාව කළමනාකරණය කර ගනිමින් ඔවුනගේ උපදෙස් පිළිපදිමින් නියමිත ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදන සිදු කිරීමයි. එය ඉතාම සහනදායී මිලකට රටේ සෑම පුරවැසියකු හටම ලබා ගත හැකි විදියට නිෂ්පාදනය කළා. ඒ අනුව සුවධරණි ඖෂධය ප්‍රතිශක්තිකරණ වර්ධක පානය ලෙස භාවිතා කරන්න පුළුවනි.   


ඊට අමතරව ජනතාව අපේ ආයුර්​වේදයේ සහ හෙළ වෙදකම අනුව ධූමායනය කිරීම මගින් මුඛය ආශ්‍රිතව මෙය ශරීරයට ඇතුළුවීමේ මාර්ග ශෝධනය කරවන්න පුළුවනි. එනිසා ධූමායන ක්‍රියාවලිය කළයුතු ආකාරය සහ අවශ්‍ය දේ පිළිබඳව අප සමාජය දැනුම්වත් කළා.   


ඊටත් අමතරව ලංකාවේ සහ ඉන්දියාවේ වැනි රටවල අපේ ආයුර්වේද ඔෟෂධ සම්බන්ධයෙන් කරන ලද පර්​යේෂණ වලට අනුව නිර්දේශ ලබාදී තිබෙනවා. එම නිර්දේශයන්ට අනුව මේ මොහොතේත් භාවිතයට ගත හැකි ඖෂධ කීපයක් ඇති අතර සුදර්ශන චූර්ණය ඉන් එකක් ලෙස හඳුන්වා දිය හැකියි. 

 
එයින් ඇතිවන යහපත මොනවගේද?   


‘‘සුදර්ශන චූර්ණය’’ ඖෂධය ගැන කතා කළොත් ආයුර්වේද සහ අපේ වෛද්‍ය ක්‍රමයේ වසර හාරදහසක පමණ සිට පොත පතෙහි සඳහන්වන ඖෂධයක්. විශේෂයෙන්ම එය භාවිතා කර තිබෙන්නේ ඕනෑම වූ උණ රෝග මැඩ පැවැත්වීම සඳහායි. මැලේරියා පැතිරී ගිය අවස්ථාවේ මෙම ඖෂධය භාවිත කර තිබෙනවා. එලෙසින් ඉතිහාසයේ මෙවැනි වෛරස් හරහා හටගත් උණ රෝග සඳහා එය පාලනය කරවීමට භාවිතා කළ ඖෂධයක්. විද්‍යාත්මක පරීක්ෂණ මගින් ඒ ගැන තහවුරු කරගෙන තිබෙනවා.   


මෙමගින් දින තුනක වැනි කාලයකදී උණ මැඩ පවත්වා ගත හැකි බව සඳහන් කරන්න පුළුවනි. රෝගියා හට දහදිය ඇතිවීමට සළස්වා උණ අඩු කරවීම සිදුවෙනවා. සරළව කිවහොත් ශරීරයේ ඇති සියලුම නල මාර්ග අවරෝධ වීම මැඩ පැවත්වා ගන්නා පුලුවන් ඔෟෂධයක්.   


මෙවැනි දේ භාවිතය මඟින් ආසාධිත තත්ත්වය පාලනය කොට රෝගය පැතිරීම අවම කර ගත හැකියි. නිරෝධායනය වී සිටින බොහෝ දෙනා මේ ක්‍රම පිළිවෙත් නිසා ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගෙන ඇති බව සඳහන් කරන්න පුළුවනි. 

 
අද වන විට රටේ විවිධ නිරෝධායන මධ්‍යස්ථානවල දහස් ගණනක් නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා. ඔවුනට මෙලෙසින් දේශීය ඖෂධ සහ ආයුර්වේද ක්‍රම භාජනයට බටහිර අංශයේ වෛද්‍යවරු එකඟතාව පළකරනවද?  


මෙහිදී බටහිර හෝ දේශීය ආදී වශයෙන් පිල් බෙදීම නොකර අපි බොහොම වගකීමෙන් කටයුතු කළ යුතුයි. දේශීය වෛද්‍ය අංශය වගේම බටහිර වෛද්‍ය අංශය ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම අයත් අංශවල සැවොම කටයුතු කරන්නෙ එකම අරමුණක් වෙනුවෙන්. එනම් මේ වෛරසය පාලනය කොට ජනතාවට සහනයක් සැලසීමේ පරමාර්ථය ඇතිවයි.   


එහෙත් ගැටලුව වන්නේ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් යම් යම් අදහස් ප්‍රකාශ කරන පිරිස විසින් කරනු ලබන ප්‍රකාශ නිසයි. මේ නිසා යම්කිසි ප්‍රශ්නකාරී දේ සිදුවී තිබෙනවා. දින තුනකින් කොරෝනා සුව කළ හැකිය යන විශ්මිත අනාවැකි පළ කරන අයත් සිටිනවා. එලෙසින් බාල බොළඳ ප්‍රකාශ මේ මොහොතේ කළයුතු නැහැ.   


ලෝකයේ තාක්ෂණය සහ සියලු දේ අතින් බලවත් පොහොසත් රටවලටත් එලෙසින් කළ නොහැකි වූ දෙයක් දින 3 න් ඉවර කරන්නෙ කොහොමද? අප කළ යුත්තේ සියලු අංශ වෙතින් එහි පදාර්ථය හෙවත් සාරය අරගෙන එක් රෝගියකු හෝ ඇතිවීම අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමයි.   
විශේෂයෙන්ම සුවධරණි වැනි ඖෂධයක් නිපදවා තිබෙන්නේ මේ මොහොතේදී පමණක් භාවිතා කර ඉවත දමන්න නොවෙයි. ඇදුම. පීනස, සෙම් රෝග ආදී ස්වසන පද්ධතියේ රෝග සඳහා නිරන්තරයෙන් භාවිතයට ගත හැකි ඖෂධයක්. ස්වභාවිකව ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමෙන් මෙවැනි වසංගත රෝගවලට ගොදුරු නොවී සිටීමේ ප්‍රවණතාවය ඇතිකර ගත හැකියි.

 

පිළිසඳර
සඳුන් ගමගේ



අදහස් (0)

​කොරෝනා නසන්න දේශීය බෙහෙතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 222 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 725 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site