(දයාසීලි ලියනගේ)
පළාත් සභා මන්ත්‍රීවරුනට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා නොදීම පිළිබඳව රජයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී පිරිසක් තීරණය කර ඇත.
පසුගියදා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව තීරණය කර ඇත.
උතුරු පළාත් සභාවේ සියලු පළාත් සභා මන්ත්‍රීවරුනට, නැගෙනහිර පළාතේ මන්ත්‍රී පිරිසකට, සබරගමුව හා දකුණු පළාත් සභාවල මන්ත්‍රීවරු සුළු පිරිසකට පමණක් තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දී ඇති නමුත්, ඉතිරි මන්ත්‍රීවරුනට එම බලපත්‍ර ලබා නොදීම පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd