IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


තම ඉල්ලීම් විසඳන ඕනෑම පක්ෂයකට තමිල් අරසුකච්චි උපරිම සහාය

මාවෙයි සේනාධිරාජා  

 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන ඕනෑම පක්ෂයට හෝ අපේක්ෂකයකුට සිය පක්ෂයේ උපරිම සහය ලබා දෙන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අවධාරණය කරයි.  

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං පාලන යන්ත්‍රයක් බිහි කිරීම උතුරු නැගෙනහිර නව සිංහල ජනාවාස ඉදිකිරීම් නවතා දැමීම එම ඉල්ලීම් අතර වෙයි. මීට අමතරව උතුරු-නැගෙනහිර පළාත්වල අතුරුදන් වූවන්ගේ ගැටලුව, උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම්වලින් ආරක්ෂක අංශ ඉවත් කිරීම, ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම, හින්දු ජනතාව ජීවත්වන ප්‍රදේශවල බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුලු යෝජනා 11ක් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය යෝජනා කර ඇත.  


අදාළ ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කර මාස තුනක කාලයක් ඇතුළත විසඳුම් ලබාදෙනු ඇතැයි බලාපොරාත්තු වන අතර එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඉදිරි මැතිවරණයේදී සිය පක්ෂයේ සහය ලබා දීමට එම පක්ෂයේ නියෝජිතයන් තීරණය කර ඇතැයි මාවෙයි සේනාධිරාජා මහතා පැවැසීය.  


අවසන් යුද සමයේ උතුරු-නැගෙනහිර පළාත්වලින් අතුරුදන් වූ තරුණ පිරිස්වලට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රජය ස්ථිර විසඳුමක් ලබාදිය යුතුයැයි ද කීය. දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කර ගැනීම සඳහා රජයට බලපෑම් කරන බවද ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වැඩි දුරටත් පැවැසීය.

 



අදහස් (0)

තම ඉල්ලීම් විසඳන ඕනෑම පක්ෂයකට තමිල් අරසුකච්චි උපරිම සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 241 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 391 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site