දේශපාලන ලෝකයේ කතාබහ
(දයාසීලි ලියනගේ)
කතානායකවරයා අත්සන් තැබූ දින සිට පනතක් ක්‍රියාත්මක වෙන බවට පවත්නා නීතියට අනුව, 19 වැනි සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබූ දින සිට වසර පහක කාලයක් ජනාධිපතිවරයාට සිය ධුර කාලයේ සිටිය හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පිරිසක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක් හමුවේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
19 වැනි සංශෝධනයට කතානායකවරයා අත්සන් තබා ඇත්තේ 2015 මැයි මස 15 වැනි දින නිසා, එදින සිට වසර 5ක කාලයක් සම්පූර්ණ ෙවන්නේ 2020 මැයි 15 වැනි දිනට බව ඔවුන් පෙන්වා දී ඇත.
මීට පෙර ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් කරමින් තමන්ගේ ධුර කාලය වසර 5ක්ද 6ක්ද යන්න විමසා සිටියත්, ධුර කාලය අවසන් වෙන දිනය විමසා නොසිටි බව ද ඔවුහු සඳහන් කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 මැයි 15 වැනිදා දක්වා බල පැවැත්වෙන බව පක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්‍ඨ නීතිඥයන්ගේ මතය වී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මත වෙන්න අත්සන් කල දිනය වැදගත් වෙන්නෙ පනතට. ජනාධිපති ධූර කාලයට බලපාන්නෙ පනතෙ ලියා ඇති දේ. මේ දෙක දෙකක්
බල තණ්හාව රට විනාශ කළා.
ඇයි මේ රටේ ජනතාවට මෙහෙම මානසික වේදනා දෙන්නේ.
මීට පෙරත් නිතිය පිලිබඳ මහා ප්‍රාඥයා තමන් යයි කියා ගන්නා ඔක් 26 නිතියානුකූලයි, ධුරකාලය වසර 6 යි පාර්ලිමේන්තුව විසුරුවන්ට පුලුවන් වගේ ලෝ පොයින්ට් දීලා තිබ්බ.