
(දයාසීලි ලියනගේ)
ගම්පෙරළිය වැඩසටහන යටතේ ලබා දුන් ආධාරවලට අමතරව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුනට රුපියල් මිලියන 50 බැගින් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
රටේ සංවර්ධන කටයුතු වලට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතු බවට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත. මීට අමතරව ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම වැඩපිළිවෙල පිළිබඳව ප්‍රාදේශීය මට්ටමේ මාධ්‍ය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසට උපදෙස් දී ඇතැයි අධිකරණ අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා කීය.
රජයෙන් සිදුකරන සංවර්ධන ක්‍රියා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් හරියාකාරව සිදුනොවන බැවින් මින් ඉදිරියට ඒ තත්ත්වය වැළැක්වීමට මන්ත්‍රීවරු පියවර ගතයුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
COMMENTS
2020 චන්දයට වියදම් කොරන්න වෙන්න ඇති.
නැහැ. නැහැ. ඡන්දෙට කලින් අනිත් පැත්තට පනින එක වලක්වා ගන්න. නැත්නම් නිකමට හිතන්න ඡන්දෙයක් කට උඩ තියාගෙන දැන්ද මතක් වෙන්නේ ගමට සේවයක් කරවන්න ඕන කියලා? ඔය මිලියන 50න් කොච්චරක් කට්ටියගේ සාක්කු වලට යනවද කියල අපි කොහොමද දන්නේ.. මෙහෙම තමයි තමන්ගේ බලය රැකගන්න වැඩ කරන්නේ ..
ඡන්දයට නේද මේ ඔක්කොම