(සුජිත් හේවාජුලිගේ)
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙතෙක් නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබ ඇත.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන් වෙයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදා (11) සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.
කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම කලින් සැලසුම් කළ පරිදි සඳුදා (11) ඇරඹේ.
කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඳිරිය ගම්පහට කොළඹට විතරයි කළුතර-පුත්තලමෙන් ඉවතට