සංස්කෘතික අරමුදලට බැර​ ෙවන මුදල් විහාරස්ථාන වෙත


(උපුල් වික්‍රමසිංහ)   
පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා අලෙවි කරන ප්‍රවේශපත්‍ර මගින් මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත බැර ​ෙවන මුදල් සංරක්ෂණ හා සංවර්ධන අවශ්‍යතා පවතින විහාරස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.   

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය දිනෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණු විහාරස්ථාන දහසක සංරක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන හාරසියයක් වටිනා චෙක්පත් ලබාදීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.