රෝගය සමාජයේ පැතිරිලා දැයි සැකයි ඇඳිරිය ඉවත් කළාට වෛද්‍ය නිලධාරී සංගමයේ විරෝධය


 

(දයාසීලි ලියනගේ)   

කොරෝනා වයිරසය සමාජයට ඇතුළත් වී නොමැති බවට මෙතෙක් නිගමනය කළ නොහැකි තත්ත්වයක් යටතේ දිස්ත්‍රික්ක ගණනාවක ඇඳිරි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට සිය අප්‍රසාදය දක්වා ඇත.   

වයිරසය පිළිබඳ අවදානම ඉවත් වී නොතිබීමත් රෝගීන් ඇසුරු කළ ස්පර්ශකයන් සංඛ්‍යාව වැඩිවීමත් නිසා ක්‍රම ක්‍රමයෙන් රටපුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමේ වැඩපිළිවෙලකට යායුතු බව රජයට යළිත් පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.   


යම් තරමකට කොරෝනා පාලනය වෙමින් පවතිද්දී, යළි ස්පර්ශකයන් සංඛ්‍යාව වැඩිවීම නිසාත්, රට කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහාත් රජය කල්පනාකාරීව තීරණ ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පෙන්වා දී ඇත්තේද මේ අවස්ථාවේ කුඩා කලාප වශයෙන් රටක් විවෘත විය යුතු බව යැයි ප්‍රකාශ කළ වෛද්‍ය නවීන් ද සොයියා මහතා අප රටද ඉක්මණින් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ක්‍රමානුකූලව රට විවෘත කර ගත යුතු බවද රජයට පෙන්වා දුන් බවත් කීය.