රාජ්‍ය සේවක රාජකාරි වේලාව සංශෝධනය කරයි


(දයාසීලි ලියනගේ)  

රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීමේ වේලාව සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.  

මේ සඳහා වන නිර්දේශ යෝජනා කිරීමට අතිරේක ලේකම්වරයකු​ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කර ඇති අතර එම වාර්තාව ඉදිරි සතියේදී නිකුත් කෙරෙන බව ඇමැති මහින්ද අමරවීර මහතා කීය.  


ලබන මස 20 වැනිදා වන විට පාසල් ආරම්භ කිරීමට නියමිතව ඇති නිසා වාහන තදබදය වළක්වා ගැනීමටත්, සමාජ දුරස්ථභාවය රැක ගැනීම වැනි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සඳහාත් රජයේ සේවකයන් සේවයට වාර්තා කිරීමේ වේලාව සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කරයි.  


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.