බටහිර රටවල ජනයා මුරුංගා කොළ භාවිතයට පුරුදු වෙලා


විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය  

 

(දයාසීලි ලියනගේ)  

බටහිර රටවල ඇතැම් ජනතාව සත්ව මාංශ බැහැර කරමින් අධික ප්‍රෝටීන් ගුණයෙන් යුතු මුරුංගා කොළ භාවිතයට බහුලව ඇබ්බැහි වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය.  

එළකිරිවල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 1.9 ක් වෙන අතර මුරුංගා කොළවල ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 27 ක් බව ද වෛද්‍ය පාදෙණිය මහතා කීය.  


බටහිර රටවල් මේ වන විට අප්‍රිකානු රටවලින් මුරුංගා ලබා ගන්නා අතර ශ්‍රී ලංකාවේ මුරුංගා සඳහා හොඳ වෙළෙඳපොළක් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.