නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් බලතල යළි පළාත් පාලන ආයතනවලට


ඇමැති දිනේෂ් නියෝග කරයි

(දයාසීලි ලියනගේ) 

නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගෙන තිබූ පළාත් පාලන ආයතනවලට හිමි බලතල යළි වහාම පවරා දෙන ලෙස මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද‌ාළ නිලධාරින්ට නියෝග කර ඇත. 

යහපාලන රජය කාලයේ පළාත් පාලන ආයතන සතු බලතල බො​ෙහා්මයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම නිසා ජනතාව දැඩි අසීරුවකට පත්වී සිටි බව පෙන්වා දුන් ඇමැතිවරයා එම තීන්දුව නිසා දුර බැහැර ප්‍රදේශවල ජනතාවට තම අවශ්‍යතා ඉටුකර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට ඒමට සිදුවූ බව පෙන්වා දී ඇත. 


 ජනතාවට විඳින්නට සිදුවෙන අසීරුතා සලකා බලා සියලු පළාත් පාලන ආයතනවලට තිබූ බලතල ආපසු පවරා දෙන ලෙසට නියම කළේය.