කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව කොළඹ නාගරිකයන්ට ළඟදීම


(පද්මිණී මාතරගේ)  

කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව කොළඹ බල ප්‍රදේශයේ ජනතාවට අප්‍රේල් මුල් සතියේ දී ලබා දීමට සූදානම්ව සිටින බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.  

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අදාළ නිර්දේශයන් ලබාදුන් වහාම අප්‍රේල් මාසයේ මුල සිට දෙවැනි මාත්‍රාව ලබා දීම අදාළ සති දහයේ කාල පරාසයට අනුකූලව ලබා දීමට බලාපොරොත්තු වෙන බව ද ඒ මහතා පැවසීය.  


මේ වෙන විට කොළඹ නගරයේ එක් ලක්ෂ හය දහස් හාරසිය අසූ තුනක් වූ ජනතාවට පළමු එන්නත් මාත්‍රාව ලබා දී තිබෙන බවත් වයස අවුරුදු 60 සහ අවුරුදු 60 ට වැඩි අයට දැන් එන්නත් කරමින් තිබෙන බව ද කීය. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවශ්‍ය එන්නත් තොගය ලබා දීමෙන් පසුව අවුරුදු 30 සිට අවුරුදු 59 දක්වා එන්නත් කිරීම් කටයුතු ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.