අගමැති මමයි


රනිල් කියයි

(දයාසීලි ලියනගේ)  

තමා අගමැති තනතුරෙන් ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර එය අනුමත කළ යුතුව ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (26) රාත්‍රී අරලියගහ මන්දිරයේදී තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසක් සඳහා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.  

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කර ඇත.  


මීට පෙර මට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාවත් වැඩි ඡන්දයෙන් පරාජය වුණා. මට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකියි. ඒක පාර්ලිමේන්තුව රැස්වූවිට මට පෙන්විය හැකියි.  
ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තියට අනුව මම අගමැති ලෙස ක්‍රියා කරනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් මට සහාය දෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනතාක් කල් මම අගමැති ලෙස කටයුතු කරනවා. වෙන කාටවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න බැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදායටත්, ව්‍යවස්ථාවටත් අනුව මම දිගටම අගමැති ලෙස කටයුතු කරනවා’’ යැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.  


සිකුරාදා රාත්‍රී එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු විශාල පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ.