දින 16කට වරක් පෘථිවියට එන අද්භූත සංඥාවක්


 

 

ගැඹුරු අභ්‍යවකාශයේ සිට අපේ පෘථිවියට වරින් වර රේඩියෝ සංඥා පැමිණි අවස්ථා ඕනෑ තරම්ය. නමුත් කිසිදු රිද්මයක් හෝ රටාවක් නොමැති එම සංඥා කවදා කොහේ සිට පැමිණේදැයි සිතා ගන්නට නොහැකි නිසා ඒවා ගැන අධ්‍යයනය කිරීම අපහසුය.   


එහෙත් ලෝකයේ පළමු වතාවට අඛණ්ඩ චක්‍රයකට අනුව නිකුත් වෙන ගැඹුරු අභ්‍යවකාශයේ රේඩියෝ සංඥාවක් ග්‍රහණය කරගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත්ව සිටිති.   
ඔවුන් සොයාගෙන තිබෙන ආකාරයට හැම දින 16කට වරක්ම එම සංඥාව පැමිණේ. ඉන්පසු දින හතරක් සංඥාව නිකුත් වෙන්නේ පැය දෙකකට එක් වරකි. නැවත දින 12ක් කිසිදු හැල හොල්මනක් නැතිව තිබෙන අතර 16 වෙනි දින ඉක්මවූ වහා සංඥාව නිකුත් වෙන්නට පටන් ගනී. කැනේඩියානු පර්​ෙ‌ය්ෂකයන් පිරිසක් මෙම සංඥාව එම චක්‍රයට අනුව නිකුත් වෙන අයුරු දින 409ක් පුරා අධ්‍යයනය කළහ.   


මෙම අද්භූත සංඥා නිකුත් වෙන්නේ කොතැනකින්ද යන්න ගැන තවමත් සොයාගැනීමට නොහැකි වී ඇත. මෙම සංඥා මිලි තත්පර ගණනක් පවතින, අතිශය ප්‍රබල විකිරණ විදීම් යැයි කියැවේ. සාමාන්‍යයෙන් මෙවැනි සංඥාවලින් බොහෝමයක් හටගන්නේ එකම එක් වරක් පමණයි. ඒවා එන්නේ කොහි සිටද කෙසේද යන්න සොයාගැනීම එතරම් අපහසු වෙන්නේ එබැවිනි.   


පසුගිය වසරේ මෙම සංඥා ගැන පර්​ෙ‌ය්ෂණ කරන කැනේඩියානු පර්​ෙ‌ය්ෂක කණ්ඩායම, එවැනි සංඥා අටක් පමණ සොයා ගත් බව වාර්තා කළහ. ඒවා මුලදී හුදු සංඥා ලෙස පමණක් පෙණුන නමුත්, වැඩිදුර අධ්‍යයනය කරන්නට යාමේදීය මෙම දින 16 රටාව සොයාගැනීමට හැකිවූයේ. එම රටාව, එය නිකුත්වෙන මූලාශ්‍රය ගැන යම් ඉඟියක් කරන බව පර්​ෙ‌ය්ෂකයෝ පවසති.   


ඒ අනුව මෙම සංඥා පැමිණෙතැයි පර්​ෙ‌ය්ෂකයන් අනුමාන කරන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 500ක් දුරින් පිහිටි සර්පිලාකාර මන්දාකිණියක, තරු උපත ලබන කලාපයකිනි. සංඥාව නිකුත් වෙන මූලාශ්‍රය දැවැන්ත කළු කුහරයක් වෙන්නට ද පුළුවන.   


ගැඹුරු අභ්‍යවකාශයේ සිට තවත් බොහෝ සංඥා පැමිණෙතත්, පෘථිවි වාසීන් වන අප සතු තාක්ෂණික උපකරණ ඒවා හසුකර ගැනීමට තරම් තවමත් නොදියුණුය. අභ්‍යවකාශ විද්‍යා විෂයය තුළ මෙම සංඥා සැලකෙන්නේ සොයාගැනීමට අපහසු අද්භූතම කොටසක් වශයෙනි.  


අන්තර්ජාලය ඇසුරිනි.
නිසංසලා දිසානායක