ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ බැටරි ආයු කාලය වැඩි කර ගැනීමට ක්‍රමයක්


නවලොව

 

ඔබගේ දුරකථනය දවස මුළුල්ලේම හෝ විවිධ වේලාවන්හිදී බැටරි ආයු කාලය අවම වීම නිසා ක්‍රියා විරහිත වෙනවාද? නැවත දුරකථනය රීචාර්ජ් කිරීමකින් තොරව සුළු හෝ කාලයක් බැටරිය තබා ගත නොහැකිද? ඔබට මෙයට දිගින් දිගටම පෝටබල් චාජරයක් හෝ තවත් බැටරියක් ආධාරයෙන් උපකාර ලබා ගත හැකි නමුත් පහසුවෙන්ම වැඩි බැටරි ආයු පැවැත්මක් මෘදුකාංග සහ වෙනත් විවිධ උපාංග පාලනයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා මෙම කරුණු උපකාරී කර ගත හැකිවේ.   


ඔබට අවශ්‍ය නොවන සෑම අවස්ථාවකම 
Bluetooth, Wi-Fi, NFC  සහ GPS විසන්ධි කරන්න.


සෑම රැහැන් රහිත සම්බන්ධතාවක්ම ඔබ භාවිතා කරන සහ නොකරන අවස්ථාවන්හිදී විසන්ධි කරන තෙක්ම බැටරි බලය වාෂ්ප කර දමයි. එනිසා ඔබ භාවිත නොකරන සෑම විටකම GPS NFC සහ Bluetooth විසන්ධි කර දමන්න. 


Wi-Fi  සඳහා 4G වලටත් වඩා අඩු බලයක් වැය වුවත් රවුටරයක් අසල නැත්නම් Wi-Fi විසන්ධි කිරීමෙන් සුළු හෝ බැටරි බලයක් ඉතිරි වේ.


(රූපය 01) 

තිරයේ දීප්තිය අඩු කරන්න. 


ඔබගේ දුරකථනයේ තිරයට වඩා අනෙකුත් කිසිදු උපාංගයක් බැටරි බලය වැය නොකරයි. එනිසා තිරයේ දීප්තිය (Brightness) අඩු කළ හැකි උපරිම මට්ටමටම යෙදීමෙන් වැඩි බැටරි බලයක් ඉතිරි කරගත හැක. 


ස්වයංක්‍රීයව දීප්තිය පාලනය කිරීම විසන්ධි කරන්න. 


(රූපය 02) 

දර්ශකය වම්පසට කිරීමෙන් දීප්තිය අඩුවේ. 


(රූපය 03) 

■ 
Background Data අක්‍රිය කරන්න.


මොබයිල් ඩේටා ඔන් කර තිබියදී Facebook, Whatsapp, Viber සහ imo වලින් නිතර notifications ලැබීම ප්‍රයෝජනවත් වුවත්, එයද බැටරි බලය නිකරුනේ කා දමයි. අඩුවෙන් දත්ත බාගත කිරීමෙන්ද බැටරියේ කාලය දීර්ඝ කරයි. ඉහත සඳහන් කළ දුරකථනයේ ඇති සියළුම ඇප්ස් එකවර ක්‍රියාත්මක වීම අවම කිරීමෙන් බැටරි ආයු කාලය මැනවින් ඉතිරි වේ. 
සියළු Background Data අක්‍රිය කිරීමට Settings වලට ගොස් Data Usage වෙත පිවිසෙන්න.


(රූපය 04) 

අනතුරුව Restrict background data යන්න තෝරා දෙන්න. 


(රූපය 05) 

ඇප් එකෙන් ඇප් එකට background data අක්‍රිය කිරීමට අවශ්‍යනම් Data Usage වෙත පිවිස ඇප් එක සිලෙක්ට් කරන්න. 


(රූපය 06) 

අනතුරුව Restrict background data යන්න ඉදිරියේ ඇති කොටුව සිලෙක්ට් කර OK ලෙස ලබා දෙන්න. 


(රූපය 07) 

■ කළු පැහැ වෝල් පේපර්ස් සහ බැක් ග්‍රවුන්ඩ්ස් (black wallpapers & backgrounds) භාවිතා කරන්න. 


ඔබගේ දුරකථනය AMOLED හෝ OLED තිරයකින් සමන්විත නම් කළු පැහැ Wallpapers සහ අඳුරු backgrounds භාවිත කිරීමෙන් බැටරි බලය ඉතිරි කර ගත හැක. OLED තාක්ෂණය මගින් අඳුරු පික්සල්ස් (pixels) ආලෝකමත් නොකරන අතර පසුතලයට වැයවන්නේ ඉතා අඩු බැටරි බලයකි. සියළුම ප්‍රධාන Samsung දුරකථන (galaxy s, galaxy note) AMOLED/OLED ඩිස්ප්ලේස් (displays) භාවිතා කරන අතර Motorola phones Nexus 6 සහ LG G Flex 2 වැනි දුරකථනවල ද භාවිතා කෙරේ. එමෙන්ම බොහෝ ටැබ්ලට්ස් (tablets) වල ද මෙවැනි තිර දැකගත හැක. 


(රූපය 09) 

 Wallpapers තුළට පිවිසෙන්න 


(රූපය 10) 

 Black Wallpapers ලෙස තෝරන්න 


(රූපය 11) 

 set as Wallpapers ලෙස ලබාදෙන්න 


■ Haptic feedback අක්‍රිය කරන්න. 


බොහෝ පිරිස් බට්න් එකක් මත ටැප් කිරීමේදී හෝ ටයිප් කිරීමේදී vibrate වීමට යොදා තිබේ. බැටරි බලය ඉතිරි කර ගැනීමට එය අක්‍රිය කිරීමෙන්ද හැකියාව ලැබෙන අතර මෙම haptic feedback සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට නම් ලැබෙන ඇමතුම්, යතුරු පුවරුව සහ නොටිෆිකේෂන් යන සියල්ලම haptic feedback වලින් අක්‍රිය කළ යුතුය. 


 (රූපය 12) Settings මගින් sounds ලෙස තෝරා දෙන්න 


 (රූපය 13) Vibrate when ringing අක්‍රිය කරන්න 


 (රූපය 14) Other Sounds ලෙස තෝරා දෙන්න 


 (රූපය 15) ඔබට දකින්නට ඇති සියලුම Vibrations සහ haptic feedback අක්‍රිය කරන්න 


power savings mode ඇතුළත් කරන්න. 


ඔබගේ බැටරි ආයු කාලය වඩාත් හොඳින් පවත්වා ගැනීමට Power savings mode භාවිතා කරන්න. 


 (රූපය 16) Power Savings mode on කරන්න. 

 


සටහන : පැතුම් වීරසිංහ