මෙතැන තියෙන්නේ ආණ්ඩුවාදී හා ආණ්ඩු විරෝධී ඡන්දයක් විතරයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  පත් කළ මන්ත්‍රී   
ලක්ෂ්මන් යාපා අබේවර්ධන   

 

ජනාධිපතිවරණ සටන උණුසුම්ය. කුමක් වෙයි ද? ​ෙම් ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී   ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔබ ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට විනය පරීක්ෂණ කරන බව කියලා තිබුණා. දැන් මොකක්ද ඒකේ අලුත් තත්ත්වය ?   


පිළිතුර:- අපට මුලින්ම ලියුමක් ආවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරකම්වලට සහභාගි වෙලා තියෙනවා ඒ නිසා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු හැටියට එවැනි ක්‍රියාකාරකම් කරන්න බෑ. ඒ ගැන නිදහසට කරුණු කියන්න කියලා.   


ප්‍රශ්නය:- ඔබ නිදහසට කරුණු ඉදිරිපත් කළා?   


පිළිතුර:- ඔව්. ඉතාම පැහැදිලි කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. අපි බොහොම කෙටියෙන් කරුණු ඉදිරිපත් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරකම්වලට සහභාගි වෙන්නේ ආණ්ඩු විරෝධි සංවිධානයක් විදියටයි. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් අයින් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව ගැළපෙන්නේ නැති නිසා.   


එතකොට මේ රටේ පොදුජන බලවේගය පොදුජන පෙරමුණයි. මේ ආණ්ඩුව පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිත්වයට අපි එකතු වෙනවා. අපි ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවලට සහභාගි වෙනවා. අපි සියලු දෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ඒ නිසා මෙතැන විනය කැඩීමක් කරලා නෑ කියලා අපි කිව්වා.   


ප්‍රශ්නයය:- ඔබලාට එරෙහිව විනය පරීක්ෂණ කරන්න කතා කිරීමෙන් පේන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු විරෝධි නෑ කියල ද?   


පිළිතුර:- අපි ඒ ලිපියේ සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු විරෝධි නම් අපි ගත්ත පියවර නිවැරැදියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු විරෝධි නැත්නම් ඒකෙන් කිය වෙනවා අපි ගත්තු පියවර වැරදියි කියලා. නමුත් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීන්දුවක් ගත්තා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්තුමා පාර්ලිමේන්තුවේ කතානායකතුමාට ලිපියක් යැව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දීගය අවසන් කියලා.   


එහෙම තියෙද්දි දැන් අපි ඉන්නේ පොදු සතුරාට එරෙහි බලවේගයේ එතකොට එතැන විනය කැඩීමක් වෙන්නේ නෑ. අපි සියලු දෙනාම බුලත් කොළයෙන් තරග කරපු උදවිය. ඒ නිසා කවුරුවත් විනය විරෝධි වැඩක් කරලා නෑ. අපි ආණ්ඩුවට විරුද්ධවයි කටයුතු කරලා තියෙන්නේ.   


ප්‍රශ්නය:- ඔය ඔබ කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එපා වාහෙට හොඳි බෙදනවා වගේ නේද කටයුතු කරන්නේ?   


පිළිතුර:- එහෙම නෑ. ලෝකයේ ඕනෑම රටක එක්තරා අවස්ථාවකදී ප්‍රධාන ​ෙද්ශපාලන පක්ෂවලට වඩා තුන්වැනි බලවේගය බලවත් විය හැකියි. පොදුජන පෙරමුණ ඉතාම කෙටි කාලයක් ඇතුළත මෙරට ජනතාවගේ ප්‍රධානම බලවේගය බව පෙන්වලා තියෙනවා. ප්‍රාදේශීය සභා සියයට 80 කට වඩා ජයග්‍රහණය කරලා පළාත් පාලන මට්ටමින් මන්ත්‍රීවරුන් දහස් ගණනක් බිහි කරලා ආණ්ඩු විරෝධි බලවේගයක් හැටියට ඡන්ද ලක්ෂ 50 කට ආසන්නව අරගෙන තියෙනවා. ඒ අනුව අද ප්‍රධාන බලවේගය බවට පත්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ පක්ෂය වටා තමයි අනික් පක්ෂ එකතු විය යුත්තේ.   


 70 දී සිරිමාවෝ මැතිනිය තුන් හවුල පිහිටුවද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තමයි කොමියුනිස්ට් පක්ෂයයි සම සමාජ පක්ෂයයි එකතු වුණේ. එක්සත් ජාතික පක්ෂය හත් හවුල හදනකොට එක්සත් ජාතික පක්ෂය ගිහිල්ලා පොඩි පක්ෂත් එක්ක එකතු වුණේ නෑ. පොඩි පක්ෂ තමයි එක්සත් ජාතික පක්ෂය සමග එකතු වුණේ. ප්‍රධාන බලවේගය එක්ක තමයි අනික් පක්ෂ එකතු වෙන්නේ. අද පොදුජන පෙරමුණ ප්‍රධාන බලවේගය බවට පත්වෙලා තියෙනවා. ඒ බලවේගය සමග අනික් පක්ෂ ආණ්ඩු වි​ෙරා්ධී නම් එකතු විය යුතුයි.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රිත් ශ්‍රී ලංකා එකේ නායකයොත් කියනවා අපි නැතිව කාටවත් දිනන්න බෑ කියලා.   


පිළිතුර:- එහෙම කිව්වට ඒක තීන්දු කරන්නේ මේ රටේ ජනතාවනේ. ඊළඟ ඡන්දෙදි ඔය කවුරුවත් නැතිව සියයට 50 පැන්නුවොත් එතකොට ජනතාවගේ තීන්දුව පැහැදිළියිනේ. 

 
ප්‍රශ්නය:- ඒ කියන්නේ තනියෙන් යන්නයි හදන්නේ?   


පිළිතුර:- නෑ. අපේ හොඳම අදහස තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම මේ පැත්තට එකතු විය යුතුයි කියලයි. කොන්දේසි විරහිතව එකතු විය යුතුයි.   


ප්‍රශ්නය:- කොන්දේසි විරහිතව?   


පිළිතුර:- ඔව්. මොකද හේතුව අද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුව පළමු පැයේදීම ගෙදර යවන්නයි. එන්න තියෙන පළමු ඡන්දය ජනාධිපතිවරණයයි. ජනතාව බලාගෙන ඉන්නේ ඒ ඡන්දෙදි ආණ්ඩු විරෝධි ඡන්දයක් පාවිච්චි කරන්නයි.   


අද රටේ ​ෙද්ශපාලනය ආණ්ඩුවට හා ආණ්ඩු විරෝධීන් වශයෙන් දෙකට බෙදිලා තියෙන්නේ ආණ්ඩුවට අයිති ප්‍රධාන දේශපාලන පක්ෂයන් තුනම හතරට කැඩිලා තවමත් අපේක්ෂකයෙක් හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තව තවත් කල්පනා කර කර ඉන්​ෙන් නැතිව මේ ආණ්ඩු විරෝධි බලවේගය තවත් ශක්තිමත් කළ යුතුයි. ඒකට නන්දොඩවන්නේ නැතිව අපි එකට එකතු වෙලා වැඩකරමු.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රි මාතරදී කිව්වා ‘අපිට ඡන්ද ලක්ෂ 17 ක් තියෙනවා. ආණ්ඩුව හදන යන්තරයයි මන්තරයයි අපි’ කියලා.   


පිළිතුර:- මම ජනාධිපතිතුමත් එක්ක තර්ක කරන්න යන්නේ නෑ. නමුත් ඔය කියන විදියෙ ඡන්ද ලක්ෂ 17 ක් නෑ. අනිත් එක ප්‍රධාන ඡන්දයකදී බලවේගය වෙන්නේ ඔය කියන පොඩි පොඩි කතන්දර නොවෙයි.   


 දැන් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සියලු දෙනා වාමාංශික අදහස් තියෙන යූඑන්පී විරෝධීන්. ඉතින් ඒ අය ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නෙක් ඉදිරිපත් වෙච්ච වෙලාවට තවත් පක්ෂ ගැන කල්පනා කරන්නේ නෑ. එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට තමයි ඡන්දය දෙන්නේ. ඒක වළක්වන්න බෑ.   


දැන් ඔතැන හිටියනේ විසි ගානක්. ඒ විසි ගානෙන් බහුතරය දැන් ඉන්​ෙන් පොදුජන පෙරමුණත් එක්කනේ. ඒ අය මේ පාර පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් තම තමන්ගේ දිස්ත්‍රික්කවල වැඩ කරනවනේ. ඔවුන්ට තියෙන පෞද්ගලික ඡන්ද ටිකත් මෙතැනට එනවනේ. මෙතැන ප්‍රධාන කඳවුරු දෙකෙන් දෙන්නයි තරග කරන්නේ. අනිත් අය හුංගෝ. සිද්ධාලේප මුදලාලි හැම ගෙදරකටම හරකෙක් දෙනවා කිව්වනේ. හැබැයි මිනිස්සු ඡන්දය දුන්නේ නැහැනේ. එහෙම ඡන්දය දෙන්නේ නෑ. මේ රටේ එහෙම ඉල්ලපු අයට ජනතාව දඬුවම් දුන්නා. ඒ නිසා මෙතැන තියෙන්නේ ආණ්ඩුවාදී හා ආණ්ඩු විරෝධි ඡන්දයක් විතරයි. 

 
ප්‍රශ්නය:- මේ යන විදියට ශ්‍රී ලංකා එකෙන් අපේක්ෂකයෙක් ද‌ාන්නත් ඉඩ තියෙනවා?   


පිළිතුර:- මම නම් හීනෙකින්වත් හිතන්නේ නෑ ශ්‍රී ලංකා එකෙන් අපේක්ෂකයෙක් ද‌ායි කියලා. ජනාධිපතිතුමාට හොඳ දේශපාලන පළපුරුද්දක් තියෙනවා. එතුමාට අවුරුදු හතළිහකට වඩා වැඩි දේශපාලන අත්දැකීම් තියෙනවා. පක්ෂයේ මහ ලේකම් හැටියට අවුරුදු 13 ක් ඉඳලා තියෙනවා. එතුමාට මේ ඡන්ද පැරදිල්ල දිනිල්ල හොඳට තේරෙනවා. ඒ නිසා මං හිතන්නේ නෑ එතුමා වගේ කෙනෙක් කිසිම දවසක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි කියලා. ඒක සීයට සීයක් විශ්වාසයි.   


ප්‍රශ්නය:- පොදුජන පෙරමුණ පැත්තෙන්වත් පේන්න නෑ ජනාධිපතිවරයාගේ අනාගතය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා?   


පිළිතුර:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා වට කීපයක් ගියානේ. ඒ සාකච්ඡාවලදී කතා කරපුවා අපි දන්නවනේ. ඊට අමතරව ජනාධිපතිතුමයි හිටපු ජනාධිපතිතුමයි අතරත් සාකච්ඡා වට කිහිපයක්ම ගියා. අපි දන්නේ නෑ මේ නායකයෝ දෙන්නා එකඟ වෙච්ච දේවල් මොනවාද කියලා. එතකොට මම හිතන්නේ එතුමගේ ගෞරවයක් ආරක්ෂා වෙන විදියට මහින්ද රාජපක්ෂ මහත්මයා යම් එකඟතාවකට එන්න ඇති. ඒක අපි දන්නේ නෑ ඒක නායකයන් අතර සිද්ධ වෙන සාකච්ඡා.   


ප්‍රශ්නය:- එහෙම රහස් එකඟතාත් තියෙනවා?   


පිළිතුර:- ඔව්. පැහැදිලිව තියෙන්න ඕනැනේ. එකඟතාවක් තිබිය යුතුයි නේ. මේ දෙක එකතු වෙච්ච ගමන් කියයි මේකයි අනාගත වැඩපිළිවෙළ කියලා. එහෙම එකතු වෙනකම් නොදන්නා කමට එක එක්කෙනා විවිධ දේවල් කතා කරයි. තව සමහරුන්ගේ පෞද්ගලික අරමුණුත් ඇති ඉටු කරගන්න.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් නෙළුම් කුලුන විවෘත කරන වෙලාවේ ජනාධිපති මෛත්‍රි රාජපක්ෂ ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා?   


පිළිතුර:- එතුමාට ඒ වැරැදි තොරතුරු දීපු අය ගැන අපි කනගාටු වෙනවා. මොකද රාජ්‍ය නායකයකුට හොයන්නේ බලන්නේ නැතිව මේ වගේ තොරතුරක් දීම තුළ ඒ රාජ්‍ය නායකයාගේ ප්‍රතිරූපයට හානිවෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමාගේ ප්‍රධාන කාර්ය විය යුත්තේ තමන්ට වැරැදි තොරතුරු දීපු අයට දඬුවම් කළ යුතුයි. දැන් ඒ අසත්‍ය තොරතුරුවල සත්‍යතාව අනාවරණය වෙලා තියෙනවා.   


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට ඒ වැරදි තොරතුරු දෙන්න ඇත්තේ කවුද?  


පිළිතුර:- මට තේරෙන්නේ නැහැ. එක පුද්ගලයෙකුගේ නමක් එළියට ඇවිත් තියෙනවා. මම නම් වශයෙන් කියන්න කැමැති නෑ.  


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා ‘අපි ජවිපෙ එක්කත් සාකච්ඡා කරන්න සූද‌ානම් කියලා?  


පිළිතුර:- නෑ එය භය කිරීමක් කරන්න යන්නේ. ඒක ගැන එච්චර කලබල විය යුතු නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජවිපෙ එක්ක සන්ධාන ගහනවාට වඩා තමන්ගේ පක්ෂයත් එක්ක ඉන්න මිනිස්සු එක්ක එපැයි සන්ධාන ගහන්න. ජවිපෙ එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් ගිහිල්ලා තියෙනවනේ. 2005 දි. ඔය ගමන ගිහිල්ලා අතර මගදී නතර වෙලා තියෙනවනේ. ලෙහලා බලපු මල්ල දැන් ඔබලා බලන්න දෙයක් නෑනේ. ඒ නිසා ඒක මේ කතන්දරයක් විතරයි. දයාසිරි ජයසේකර මහත්තයා ඔය නිකන් ‘බැගින්’ එකක් කරන්නේ.  

 

මම නම් හීනෙකින්වත් හිතන්නේ නෑ ශ්‍රී ලංකා එකෙන් අපේක්ෂකයෙක් ද‌ායි කියලා. ජනාධිපතිතුමාට හොඳ දේශපාලන පළපුරුද්දක් තියෙනවා. එතුමාට අවුරුදු හතළිහකට වඩා වැඩි දේශපාලන අත්දැකීම් තියෙනවා. පක්ෂයේ මහ ලේකම් හැටියට අවුරුදු 13 ක් ඉඳලා තියෙනවා. එතුමාට මේ ඡන්ද පැරදිල්ල දිනිල්ල හොඳට තේරෙනවා. ඒ නිසා මං හිතන්නේ නෑ එතුමා වගේ කෙනෙක් කිසිම දවසක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි කියලා. ඒක සීයට සීයක් විශ්වාසයි.


ප්‍රශ්නය:- සජිත් ප්‍රේමද‌ාස සමග වුණත් ජනාධිපති මෛත්‍රිට ගමනක් යන්න පුළුවන්?  


පිළිතුර:- මට ඒක හිතන්න බෑ. සජිත් ප්‍රේමද‌ාසට උදව් කරන්න නම් එජාපයට උදව් කරන්න ඕනෑ. එතකොට ශ්‍රී ලංකා එක එජාපයට උදව් කරලා තමන්ගේ අනාගතය හද‌ා ගන්නේ කො​හොම ද? යූඑන්පියත් එක්ක හවුලක් ගහලනේ මේ විනාශය සිද්ධ වුණේ.  


 අද මේ නායකයෝ දෙන්නා එක එක දවසට එක එක දේවල් කියනවනේ. යූඑන්පියත් එක්ක අවුරුදු හතරක් ආණ්ඩු කරලා පාඩම් ඉගෙන ගෙන තියෙනවනේ. ඒ නිසා මොළේ කළඳක් හරි තියෙනවා නම් යූඑන්පියත් එක්ක කතා කරන්නවත් යන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට යූඑන්පී අපේක්ෂකයා කවුරුන් විය හැකි ද?  


පිළිතුර:- අපට කවුරු වුණත් ප්‍රශ්නයක් නෑ. යූඑන්පී පාක්ෂිකයන් පිබිදෙයි සජිත් ප්‍රේමද‌ාස මහත්තයා ආවොත්. හැබැයි යූඑන්පියට පරිබාහිර ඡන්ද නෑ. හාඩ් කෝ අයට අලුත් නායකයෙක් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් විකුණන්න බැරි භාණ්ඩයක් බවට පත්වෙලානේ.  


ප්‍රශ්නය:- ඔහු ඔබේ පැරැණි නායකයා?  


පිළිතුර:- මම එතුමට දෙ‌ාස් කියන්නේ නෑ. එතුමා උගත් පරිණත නායකයෙක්. හැබැයි එතුමා පසේ බුදුවරයෙක් වගේනේ. බණ කිව්වට තේරෙන්නේ නැහැනේ. දැන් යූඑන්පියට ඕනෑ බණ කියන කෙනෙක්. සජිත් ප්‍රේමද‌ාස මහත්තයා බණ කියන්න හොඳයි. හැබැයි ඒ බණ අහන්නේ යූඑන්පී එකේ කට්ටිය. අනිත් අය ඒ බණ අහන්නේ නෑ. ඒ නිසා අපට කලබලයක් නෑ කවුරු ආවත් අපට ප්‍රශ්නයක් නෑ.  


ප්‍රශ්නය:- සජිත් ආවොත් නම් ගෝඨාභයට අමාරුයි කියලත් කියනවා?  


පිළිතුර:- කවුද එහෙම කියන්නේ? එහෙම කියනවා යූඑන්පී එකේ අය. සජිත් තමයි හොඳම අපේක්ෂකයා අපට සජිත් ප්‍රේමද‌ාස මහත්තයා බඩු ටිකක් බෙදලා ඒ මට්ටමේ වැඩ ටිකක් කරනවා මිසක් දර්ශනයකින් වැඩ කරන්නේ නෑනේ. මේ රටට අවශ්‍ය කරුණු තුනයි. එකක් රටට අවශ්‍යයි ආරක්ෂාව. ඒක ගෝඨාභය මහත්තයාට ද සජිත් මහත්තයාට ද දෙන්න පුළුවන්. ඕනැම කෙනෙක් පිළිගන්නවා ඒක දෙන්න පුළුවන් ගෝඨාභය මහත්තයාට කියලා. දෙවැනි එක විනය. විනය හදන්න පුළුවන් කාට ද? තුන්වැනි කාරණය ආර්ථිකය. ආර්ථිකය හදන්න පුළුවන් වෙන්නේ පොදුජන පෙරමුණ හදපු බැසිල් රාජපක්ෂ මහත්තයාට. එතුමාට තමයි ග්‍රාමීය ආර්ථිකය හොඳට හදන්න පුළුවන්.  
 බැසිල් රාජපක්ෂගේ යාන්ත්‍රණයෙන් තමයි මේ පොදුජන පෙරමුණ ඉදිරියට ආවේ. එතුමාට දර්ශනයක් තියෙනවා. ගම් මට්ටමෙන් සංවර්ධනය කරන්න පුළුවන් වුණේ එතුමා නිසයි. ඒ ආණ්ඩුවේ කුලුනු තුනක් තිබුණා. එකක් තමයි මහින්ද රාජපක්ෂ කුලුන, දෙක තමයි බැසිල් රාජපක්ෂ කුලුන, තුන තමයි ගෝඨාභය රාජපක්ෂ. ඒ රෝද තුන හරියට කැරකෙනකම් රට ඉදිරියට ගියා. ඒ යාන්ත්‍රණය දැන් හරියටම පණ ගැන්විලා තියෙනවා. අලුත් නායකත්වයක් දැන් රටට අවශ්‍යයි. ඒ නායකත්වය ගෝඨාභය රාජපක්ෂට දෙන්න පුළුවන්.  

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජවිපෙ එක්ක සන්ධාන ගහනවාට වඩා තමන්ගේ පක්ෂයත් එක්ක ඉන්න මිනිස්සු එක්ක එපැයි සන්ධාන ගහන්න.


 අනුහස් නායකයෙක් විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ යාන්ත්‍රණය තියෙනවා. මේ යාන්ත්‍රණය ඔය කාටවත්ම නෑ.  


ප්‍රශ්නය:- හිටපු හමුද‌ාපති මහේෂ් සේනානායකත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කියනවා?  


පිළිතුර:- දැන් මේ ගෙදර තියෙනවා බල්බ්. වොට් 20 බල්බ් තියෙනවා. වොට් 40 ක් තියෙනවා. 60 ක් තියෙනවා. ඊට අමතරව වොට් 100 බල්බ් තියෙනවා. හැබැයි මේ වොට් 20 බල්බ් එක වොල්ට් 100 එළිය දෙන්න ගියොත් ගහලා යනවා. ඒනිසා තමන්ගේ තරම ප්‍රමාණය හැමෝම හඳුනා ගත යුතුයි.  


ප්‍රශ්නය- ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාරත් ඉදිරිපත් වෙලා ඉන්නවා?  


පිළිතුර:- එයත් වොට් 40 ක විතර එළියක් දෙන්න කතා කරනවා. ඒත් වොට් 20 ක එළියක්වත් දෙන්න බෑ.  


ප්‍රශ්නය:- ඔය අතරේ විධායකය අ​ෙහා්සි කිරීමේ සටනකුත් යනවා?  


පිළිතුර:- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ජනාධිපතිතුමා ඒ කාලෙදි කිව්වා. ඒ වගේම එතුමා ඒකට උත්සාහයක් ගත්තා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා නම් දැන් උපරිම සීමාවට බලතල අයින් කරලා තියෙන්නේ. ඒකට වහා යනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි. දැන් විධායක බලතල උපරිමයෙන් අහෝසි කරලා තියෙන්නේ. පාස්කු ඉරිද‌ා ප්‍රහාරයටවත් අගමැතිතුමා හදිසි කැබිනට් රැස්වීමක් කැඳෙව්වේ නැහැ. නමුත් තමගේ රැකවරණයට තමයි එද‌ා කැබිනට් එක රැස් කළා. තමන්ගේ රැකවරණයට මෙච්චර පිළිකුල් සහගත වැඩක් කළේ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටික ගන්න. ඒ නිසා ජනතාව මේ ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ.

 

 

දැන් විධායක බලතල උපරිමයෙන් අහෝසි කරලා තියෙන්නේ. පාස්කු ඉරිද‌ා ප්‍රහාරයටවත් අගමැතිතුමා හදිසි කැබිනට් රැස්වීමක් කැඳෙව්වේ නැහැ. නමුත් තමාගේ රැකවරණයට එද‌ා කැබිනට් එක රැස් කළා.

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්