ඩුබායි ලාංකිකයන් එකමුතු කළ ඉෆ්තාර් භෝජන සංග්‍රහය


 

ඩුබායි හි වෙසෙන මුස්ලිම් සහෝදර ජනතාවට මේ එළැඹ ඇත්තේ ඔවුන​්ගේ ආගමානුකූලව ඉතාම සුපින්වත් කාලයයි. එනම් රාමසාන් සමයයි. දානය, පරිත්‍යාගය, මිත්‍රත්වය, හොඳ හිත එකිනෙකා කෙරෙහි පතුරවමින් තම ජීවිතය යහපත් කර ගැනීමට මුස්ලිම් ජනතාව මෙම දින 30 පාරිශුද්ධ කාල වකවානුවේ සැදී පැහැදී සිටිති.   


ජාති ආගම් කුල භේද සැමදාමත් පසෙකට කොට පොදු යහපත් කටයුත්තේ දී සාමූහිකත්වයෙන් කටයුතු කරන ඩුබායි හි ලාංකිකයන් පසුගියදා ඩුබායි කොන්සල් කාර්යාල පරිශ්‍රයේ පිහිටි දහම් පාසල් ශාලාවේදී එකට එකතු වී ඩුබායි හි වෙසෙන මුස්ලිම් සහෝදර ජනතාව විසින් සංවිධානය කළ මෙම ඉෆ්තාර් භෝජන සංග්‍රහයට සහභාගී වූහ. බෞද්ධ භික්ෂූන් වහන්සේ ද හින්දු කතෝලික පූජකතුමන්ලා ද සහභාගී වූ මෙම ඉෆ්තාර් සංග්‍රහයට පැමිණි සියලු ආගම්වලට අයත් පිරිස ඇමතූ මුනීර් මුලාෆර් මවුලවි තුමා හා තවත් කීපදෙනකුම උත්සව සභාවේදී තම අදහස් දැක්වූහ.   

 

 


එම අවස්ථාවේ ඡායාරූප මේ සමගින් 
සුරංගි අතුකෝරළ 
සාජා සිට