ඉතාලියේ සුපර් ස්ටාර් ගී තරගාවලියෙන් මතුවූ පුංචි තරු කැට


ප්‍රථම ස්ථානය දිනාගත් ප්‍රමානී ලැටීෂියා දියණිය

 

 

​රෝමය - මිලානෝ - නාපෝලි නගර තුනක සංවිධානය කරන ලද සුපර් ස්ටාර් (SUPERSTAR) සංගීත තරගාවලියේ ඉදිරිපත් කළ එක් අවස්ථාවක් පසුගිය දිනක රෝමයේ සුදත් රෝහණ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, නාපෝලි නගරයේදී පසුගිය 30 වැනි සෙනසුරාදා එම තරගය පැවැත්වුණි. ඒ නාපෝලි නගරයේ වෝ මෙරෝ-සලෙසියා නෝ රංගන ශාලාවේදී. සිඩ්නි ප්‍රනාන්දු මහත්මාගේ ප්‍රධානත්වයෙනි.  


මේ සෑම අවස්ථාවකම පළමුවැනි ස්ථානය රෝම පුරවරයට හිමිවීම විශේෂත්වයකි. මෙහි නාපෝලි නගරයේ පැවැත්වුණු තරගාවලිය සඳහා ගී අඹරේ දිදුලන තරුවක් වූ ශෂිකා නිසංසලා සහ ඉඳුනිල් අන්දරමාන ගායන ශිල්පියා ද විනිශ්චය සඳහා පැමිණ සිටියහ.  


වයස අවුරුදු දහතුන සිට දාහත (13-17) කාණ්ඩයේ තරගාවලියෙන් පළමුවැනි ස්ථානය රෝමයේ ප්‍රමානී ලාටීශියා දියණිය ලබාගත් අතර, දෙවැනි ස්ථානය නාපෝලියේ ශෙහාන් අරුණ සහ තෙවැනි ස්ථානය පසිඳු මධුසංඛ පුංචි තරුකැට දෙක දිනා ගෙන ඇත.  


වයස අවුරුදු 6-12ත් අතර වයස් කාණ්ඩයේ පළමු ස්ථානය ද රෝමයට හිමිවුණු අතර, සනුති මෙලීනා පුංචි තාරකාවිය ඒ වාසනාවන්තියයි. දෙවැනි ස්ථානය නාපෝලි නගරයේ සනුතී වීරසිංහ දියණිය සහ තෙවැනි ස්ථානය දෙනෙත් සෙවුමින නාපෝලි නගරයේ පුංචි තරුවක් ජය ගෙන ඇත.  


ගායන අඹරේ අනාගතයේ දිදුලන මේ තරු කැට අපි අගය කරමු. ගායන දක්ෂතා ඇති මේ පුංචි තරු සැඟවී යන්නට ඉඩ නොදී මිණිකැට ලෙස ඔපවත් කරන්නට රෝමයේ යම් මෙහෙවරක යෙදෙන සුදත් රෝහණ මහත්මාට බොහොමත්ම ප්‍රශංසා කළ යුතුය. එමෙන්ම නාපෝලි නගරයේ එම කර්තව්‍යයට උරදුන් සැමට ස්තුති කරමි. මේ පුංචි තරුකැට අනාගතයේ දීප්තිමත්ව දිලේවා යනු අපේ ප්‍රාර්ථනයයි.

 

 

ලියාඑව්වේ - ප්‍රේමා කංකානම්ගේ  
ඡායාරූප - චමින්ද වීරසිංහ