2021 ජනවාරි මස 16 වන සෙනසුරාදා
0 550
තවලම සතිපොළේ වෙළඳමේ නිරත පුද්ගලයන් 23 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (14)තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි.
0 122
හික්කඩුව නගරසභාවේ, රත්ගම ප්‍රාදේශීය සභාවේ ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ඉදිරිපිටදී විරෝධතා පුවරු අතැතිව අද(14) පෙරවරුවේ හෙන්නතොටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
0 80
සිය ඉල්ලීම් 6කට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් ජනවාරි මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මහා වැඩ වර්ජනයකට යන බව දකුණු පළාත් මගී ප්‍රවාහන බස් රථ ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ජී.චන්දන ද සොයිසා මහතා අද (14 ) පැවසීය.
0 293
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහලක් බවට අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල පත්කරන බව දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ හා කරාපිටිය රෝහලේ අධ්යක්ෂ ප්රශන්ත ජීවරත්න මහතා පවසයි.
0 656
පොල් කැඩීමට යොදාගන්නා පිහියෙන් ඇන තම බිරිද ඝාතනය කළ පොල් කඩන්නෙකුට විරුද්ධව පැවති නඩු විභාගයකින් වැරදිකරුවෙකු වූ පුද්ගලයකුට වසර අටකට පසු තංගල්ල පළාත්බද මහාධිකරණ විනිදුරු රශ්මි සිංගප්පුලි මහතා අද (13) මරණ දඬුවම නියම කළේය.
0 214
විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් විසින් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක් සහ උණ්ඩ හතක්ද සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අද (12) සවස රත්ගම පොලිසිය වෙත බාරදී තිබේ.
0 321
කොග්ගල මෝය කට අසළ මුහුදේ නෑමට ගොස් දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන ගිය තරුණයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය කියයි.
0 60
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගාල්ල අක්මීමන කාර්යාලය අද (11) පෙරවරු සම්පුර්ණයෙන්ම වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
0 92
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගළුම් කම්හලක සේවිකාවක් සහ සේවකයෙක් කොවිඩ්-19 ආසාධිතයින් බව අද (10) තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.
0 161
සිය ගම්මානවලට සන්නිවේදන තරංග (සිග්නල්) අවහිර කර ඇතැයි කියමින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය අවට ගම්මාන 20ක පමණ ජනතාව අද (9) ගාලුපාරේ බූස්ස මංසන්ධියේ සිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
0 470
බෙලිඅත්ත පල්අත්තර ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රී සිදුවූ ටිපර් රථ යතුරුපැදි ගැටුමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
0 166
අලුගම පොලීසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් දර්ගා නගරයේදී පුද්ගලයන් 164 දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් පුද්ගලයන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා අද (06) පැවසීය.
0 300
ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ අනුරුද්ධගම හංදිය අසලදී අද (05) සවස සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත තරුණයෙකු මිය ගිය බව ඇල්පිටිය පොලිසිය පවසයි.
0 156
අය වැය සදහා ඡන්දයක් ඉල්ලා මන්ත්‍රීවරු බහුතරයක් කෑකෝ ගසමින් හැසිරීම හේතුවෙන් අද (5 ) පැවති අම්බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම දැඩි උණුසුම් විය.
0 600
ජීව පතුරොම්, ගිනිඅවි, කඩු, කිණිස්සක් සිය නිවෙසේ සඟවාගත් බව කියන පෞද්ගලික ආයතනයක විධායක ඉංජිනේරුවකු අද බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරිහු කියති.
0 665
කොස්ගොඩ හෑගල්ල පියගමදී ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර පලා ගොස් සැගවී සිටි සැකකරු කොස්ගොඩ බාන්වැල්දූව ප්‍රදේශයේදී අද (1) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
0 213
ගාලු පාරේ බලපිටිය පාතේගමදී අද (1) ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් ගැටී ත්‍රීරෝද රථයේ රියදුරු මරුමුවට පත්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
0 268
කොස්ගොඩ හෑගල්ල පියගමදී අද (31) රාත්රියේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කොට ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
0 1081
උගුරේ මාළු කටුවක් හිරවි හුස්ම ගැනිමට අපහසුවිමෙන් එක් දරුමවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරික්ෂණයක සාක්ෂි විභාගයේ දි අනාවරණය විය.
0 254
බැල්ලගස්වැව කුකුල්කරමැටිය වැව අසලදී අද (30) අලුයම වන අලියෙකු පහරදීමෙන් තරුණ ගොවියකු මරණයට පත්වී ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
0 774
හික්කඩුව තිරාණගම වෙරළ තීරයේදී අද (26 ) ඔලු දෙකේ කැස්බෑ පැටවෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇත.
0 449
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ උඩුවරාගොඩදි දුම්රියක ගැටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගාල්ල දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ මේ පුද්ගලයා ගැටී ඇත්තේ ඊයේ (24 ) රාත්‍රීයේ බවද පොලීසිය කියයි.
0 166
තංගල්ල නගර සභාවේ අයවැය ලේඛනය නැවත වතාවක් සභාව වෙත ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලෙස තංගල්ල නගර සභාවේ සභාපතිවරයා වෙත දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා විසින් නියෝග කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
0 224
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විශාලතම වැව වූ කටුපත මහවැව පසුගිය දිනවල ඇදහැලූනු ධාරානිපාත වැසි හේතුවෙන් වාන්දමමින් පවති.
0 252
වදුරඹ, ඉහලකිබිය, කොස්ගහහේන යන ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියකු ඌරන් මැරීමට ඇටවූ විදුලි රැහැන් ගැලවීමට යාමේදී විදුලි සැර වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
0 202
අය වැයට ඡන්ද විමසීමක් අවශ්‍ය යයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලද්දී සභාපති අරුණ ප්‍රදීප් මහතා විසින් ඡන්ද විමසීමක් නොදී සභාවේ වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගැනීමත් සමග අද (22) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම දැඩි උණුසුම් විය.
0 244
කහ සදහා මේ දිනවල ඉහළ මිලක් ලැබීම නිසා ඇතැම් කහ ගොවීහු වෙළද පොළේ මෙන්ම මහමගද නොමේරු කහ ගලවා අලෙවි කරමින් සිටිති.කහ මෝරන්නටත් පෙර ළදරු අවදියේ දි ඇතැම් ගොවීහු අලෙවි කරති.
0 347
අම්බලන්තොට දෙහිගහලන්දේ දී ඊයේ (19දා) රාත්‍රී පුරුෂයෙකු විසින් උල් ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.