ඩබ්ලිව්.ඒ. අසේල
පාතහේවාහැට ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය පිටුපස හේවාහැට මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගනය මායිමේ ඇතිවූ ගින්නකින් ඒ ආසන්නයේ තිබූ අධි බලැති විදුලි කණුවක් මහලේකම් කාර්යාලයේ වහලය මතට කඩා වැටීමෙන් අලාභ හානි සිදුවී ඇත.
ගින්නට අසුවූ විදුලිබල මණ්ඩලය මගින් ලී කණුවක් මත සවිකර තිබූ වෝල්ට් 33,000 විදුලි කණුව මෙසේ වහලයට කඩා වැටී ඇත.
ගින්නෙන් හා විදුලි කණුව වැටීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැති අතර අද (20) රජයේ නිවාඩු දිනයක් වූ බැවින් කාර්යාලය තුළ හෝ පාසල් ක්‍රීඩාංගණය තුළ කිසිවෙකුත් සිට නොමැත.
ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති අතර විදුලිබල මණ්ඩලයේ සේවකයින් අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අවට පුද්ගලයින් තලාතුඔය පොලිසිය මුදුනකඩේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පාතහේවාහැට ප්‍රාදේශීය සභාව හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා එක්ව ගින්න නිවීමේ කටයුතු සිදු කරනු ලබයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාතහේවාහැට ගින්නකින් විදුලි කණුවක් ප්‍රා.ලේ කාර්යාලයට කඩා වැටෙයි