IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දෙපා නැතිවත් එවරස්ට් නගින්න යන හයිය හිතක්

ලෝකෙන් ටිකක්

හරි බුදා මිතුරන් සමඟ  

 

 

ලෝකයේ උසම කන්ද වන එවරස්ට් තරණය කළ පුද්ගලයෝ පිළිබඳව මෑතකදී විවිධ තොරතුරු වාර්තා විය. එහෙත් මෙවැනි පුවතක් වාර්තා වූයේ පළමුවරටයි.   


හිටපු සෙබළෙකු වන නේපාල ජාතික හරි බුදා මගාර් එවරස්ට් කන්ද තරණය කරන්නට තීරණය කර තිබේ. දණහිසින් පහළ දෙපා නොමැති ඔහු එවරස්ට් කන්ද තරණය කිරීමට පමණක් නොවෙයි, ඒ මතදී විවාහවෙන පළමු තැනැත්තා මෙන්ම කඳු මුදුනේ සිට පැරෂුටයක ආධාරයෙන් පියාසර කරන පළමු ආබාධිත තැනැත්තා බවටත් පත් වෙන්නේ ලබන වසරේදී ය. 
 


බටහිර නේපාලයේ ගමක හැදී වැඩී, පාවහන් රහිත දෙපයින් පාසල් ගිය ඔහු මුල්ම වරට එවරස්ට් තරණය කළ එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ ගේ ඉතිහාසගත සංචාරය පිළිබඳව පොත්වලින් කියැවූයේ ඒවා වරප්‍රසාද ලත් අයට පමණක් කළ හැකි දේවල් යනුවෙන් හිතාගෙනය. අවුරුදු 19දී හමුදාවට බැඳුණු ඔහු බ්‍රිතාන්‍යයට අනුයුක්ත නේපාල හමුදාවේ ගුර්කා රයිෆල් බටයෙක් හා ස්නයිපර්කරුවෙක් ලෙසද සේවය කළේය, ඇෆ්ඝනිස්ථානයේදී බෝම්බයකට හසුවිය. ඔහුගේ ඉරණම වෙනස් වීමට මග පෑදුවේ ඒ අවාසනාවන්ත සිදුවීමයි.   


බෝම්බ වැදීමෙන් තුවාල ලත් ඔහු ඇමරිකානු සෙබළුන් විසින් බේරාගනු ලැබ, එක්සත් රාජධානියට ගෙන ගොස් ප්‍රතිකාර ලැබීය. වසර හතරකින් පසු කෝප්‍රල් තනතුරට උසස් වීමත් සමඟ ඔහු හමුදා සේවයෙන් නිදහස් කරන ලදී. එවකට තිස් පස් හැවිරිදි වූ හරි බුදාගේ ජීවිතයේ සැබෑ අරගලය ඇරඹුණේ එතැන් සිට ය.   
“මට තනිවම මගේ වැඩ කරගැනීම ඉතා දුෂ්කර වුණා. කෑම, වැසිකිළියට යාම හෝ පිරිසුදු වීමවත් තනිව කරගත නොහැකි වුණා.

”   
නමුත් වරකට එක් පියවර බැගින් ඉදිරියට තබමින් තමා ගොඩනැගෙන්නේ යැයි තීරණය කළ ඔහු ක්‍රීඩා ගණනාවක් පුහුණු වීමට පටන් ගත්තේය. 2011දී ජර්මානු හා ඔස්ට්‍රියානු ඇල්ප්ස් කඳුවල ස්කි ක්‍රීඩාවට ගොස් සිටියදී ඇතිවූ අදහසකි කඳු තරණය. ඒ අනුව උපදේශකයන්ගේද සහය ඇතිව නේපාලයට පැමිණි ඔහු හිතවත් ගුර්කා භටයෙකු මෙන්ම නේපාල ජාතික කඳු නගින්නෙකු වූ ක්‍රිෂ්ණා ද සමඟ මීටර් 4700ක් තරණය කළේය. එවරස්ට් නැගිය හැකිය යන්න ඒ සමඟ විශ්වාසයක් ඇති විය.   
නමුත් ඒ වෙන විට ආබාධිත පුද්ගලයින් හා අන්ධ පුද්ගලයන් හට එවරස්ට් කන්ද තරණය කිරීමට බලපත්‍ර ලබාගැනීම නේපාල රජයෙන් තහනම් කර තිබිණි. අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසුව එම නීතිය අහෝසි විය.   


දෙපා අහිමි නවසීලන්ත ජාතිකයෙක් හා චීන ජාතික කාන්තාවක් මීට පෙර එවරස්ට් තරණය කර වාර්තා තබා සිටිති. ඒ අනුව දෙපා අහිමිව එවරස්ට් නගින පළමුවෙනියා වීමේ ගෞරවය ඔහුට නොලැබෙතත්, දණහිසෙන් ඉහළ සිට පාද අහිමිව එවරස්ට් තරණය කරන පළමුවැන්නා ඔහුයි. මන්ද මීට පෙර එසේ එවරස්ට් තරණය කළ දෙදෙනාම දණ හිසෙන් පහළ පාද නොමැති අයයි. හරි බුදා හට දණහිස්ද නැත. ඔහු ඇවිද යන්නේ කෘත්‍රීම ආධාරක දෙකක උපකාරයෙනි.   


ආබාධිත බව නිසා ඔහුගේ කඳු තරණය සඳහා වැයවෙන කාලය සාමාන්‍ය පුද්ගලයෙකුට වැයවන කාලය මෙන් තුන් ගුණයකි. එබැවින් අවශ්‍ය කළමනා සහ බඩු බාහිරාදිය තොගයක් ගෙන, සහයෝගය සඳහා විශාල පිරිසක්ද රැගෙනය තරණය සඳහා යන්නට සිදුවෙන්නේ. වාර්තා වෙන ආකාරයට ඉහළ කඳු පෙදෙස් තරණයේ පළපුරුදු ෂර්පාවරු අට දෙනෙක්, ගලවා ගැනීමේ කණ්ඩායමක්, ෂර්පා පෝටර්වරු හෙවත් බර උසුලාගෙන යන්නන් හය දෙනෙක් සහ වෛද්‍යවරු දෙදෙනෙක් පමණ මෙම කණ්ඩායමට ඇතුළත් ය. 

 

 
නිසංසලා



අදහස් (1)

දෙපා නැතිවත් එවරස්ට් නගින්න යන හයිය හිතක්

Bernard perera Friday, 13 December 2019 10:47 AM

ඔහුට උදව් කිරීම සඳහා මිනිසුන් කොපමණ සංඛ්‍යාවක් යනවාද, එය සරල දෙයක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site