IMG-LOGO

ගෝලීය වසංගතයකින් බේරෙන්න ස්ථාන 20 ක් ශ්‍රී ලංකාවත් ඒ අතරේ

බටහිර චිත්‍රපට සහ රූපවාහිනී කතාවලට තේමා වන අයුරින් සැබැවින්ම මාරක වසංගතයක් පැතිරුණොත් මොකද වෙන්නේ? “සොම්බි” චිත්‍රපට සහ රූපවාහිනී කතාවල මෙන්, ඇවිදින මළමිනී හැබෑවක් වුණොත් බේරෙන්නේ කොහොමද? ගෝලීය මට්ටමේ මහා ව්‍යසනයක් නිර්මාණය වුවහොත්, එම වසංගතයෙන් දිවි බේරා ගැනීමට හැකිවන ස්ථාන 20 ක් හඳුනා ගැනීමට බටහිර විද්‍යාඥයන් කටයුතු කර ඇත. එම ආරක්ෂිත ස්ථාන අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්ය.   


ගෝලීය වසංගතයකින් බේරීමට දූපත් වාසීන්ට වැඩි අවස්ථාවක් උදා වනු ඇත. ඒ, මුහුදින් වට වී තිබීම නිසා වසංගත තත්ත්වයක් දූපතට පැමිණීම වළක්වා ගැනීමට හැකියාව ඇති නිසාය. විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබූ ස්ථාන 20 පිළිවෙළින් මෙසේය. 1. ඕස්ට්‍රේලියාව 2. නවසීලන්තය 3. අයිස්ලන්තය 4. මෝල්ටා 5. ජපානය 6. කේප් වර්ඩේ 7. බහාමාස් 8. ට්‍රිනිඩෑඩ් සහ ටොබාගෝ 9. බර්බඩෝස් 10. මැඩගස්කරය 11. කියුබාව 12. මරුසි 13. ෆීජී 14. මාලදිවයින 15. ශ්‍රී ලංකාව 16. කොමොරෝස් 17. සොලමන් දූපත් 18. ජමෙයිකාව 19. පිලිපීනය 20. වනවාටු.   


වයිරසයකින්, බැක්ටීරියාවකින් හෝ දිලීරයකින් ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත්, එයින් මනුෂ්‍ය වර්ගයා විනාශ වුවහොත්, මෙම ආරක්ෂිත ස්ථානවල පදිංචි වැසියන් පමණක් නොව, පණ බේරා ගනිමින් අරක්ෂාව පතා මෙම ස්ථානවලට පැමිණෙන්නන්ට ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගා ගැනීමට හැකිවනු ඇත. ඒ, අවශ්‍ය සම්පත් සොයා ගැනීමට අපහසු නොවන බැවිනි. මෙම ස්ථාන 20 හඳුනා ගෙන ඇත්තේ ගෝලීය විද්‍යාඥයන් කණ්ඩායමක් එක් වෙමිනි. මේ සම්බන්ධයෙන් පළ වුණු විශේෂ වාර්තා ‘රික්ස් ඇනැලසිස්’ සඟරාවේ දකින්න ලැබෙයි.   


ලුසිත ජයමාන්න   
‘ද සන්’ ඇසුරිනි 



අදහස් (0)

ගෝලීය වසංගතයකින් බේරෙන්න ස්ථාන 20 ක් ශ්‍රී ලංකාවත් ඒ අතරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 782 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1203 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site