එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන අරඹා සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගියද උන්වහන්සේ පොලිසිය මගහැර ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද උප පොලිස් පරික්ෂක යසරත්න මහතා අධිකරණයට දැන්වීය.
සැකකාර විහාරාධිපති හිමියන් අත් අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පතට පොලිසිය විරෝධය පල කරන බවත් අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරික්ෂක යසරත්න මහතා ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකාර හිමිනම අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය බවද කීවේය.
සැකකාර හිමියන්ගේ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණයට ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ජයවර්ධන මහතා සඳහන් කළේ හිමියන්ට එරෙහිව පොලිසියට යොමු කර ඇති පැමිණිල්ල අසත්‍ය එකක් බවයි.
සැකකාර විහාරාධිපති ස්වාමීන් වහන්සේ රෝගාතුරව සිටින බවද අධිකරණයට කියා සිටි නීතිඥ ජයවර්ධන මහතා උන් වහන්සේ අත් අඩංගුවට ගැනීම වළකාලමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් අයැද සිටියේය .
සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ එම ඉල්ලීම තරයේ ප‍්‍රතික්ෂේප කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා සැකාකර හිමි නම වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විහාරාධිපති හිමිගේ අපේක්ෂිත ඇප අයදුම ඉවතට